Home අද 2024 අයවැය අද පාර්ලිමේන්තුවට

2024 අයවැය අද පාර්ලිමේන්තුවට

1651
0

2024 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  අද (13) දහවල් 12.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙවර අයවැයෙ හි ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක් වන අතර පුනරාවර්ථන වියදම් ලෙස රුපියල් බිලියන 5,334ක් වෙන්කර ඇති බව සඳහන්ය.

එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,225ක් වෙන් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට (14) දිනයේ සිට ලබන 21වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දින පස්වරු 6ට පැවැත් වේ.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනි දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරු 6ට පැවැත්වීමට නියමිතය.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පසු ඔහු විසින් ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.

Previous articleකෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සඳහා නව සැලසුම් රැසක්
Next articleරාජ්‍ය සේවකයන්ට රු. 10,000ක වැටුප් වැඩිවීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here