Home අද අන්තිමට රට භාරගන්න හිටියේ රනිල් වික්‍රමසිංහ විතරයි

අන්තිමට රට භාරගන්න හිටියේ රනිල් වික්‍රමසිංහ විතරයි

1984
0

අගාධයට  වැටීතිබුණු  රට භාරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවු අවස්ථාවක රට භාරගෙන මෙම තත්වයට ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තමා ගරු කරන බව රංගන ශිල්පි ශෙරිල් රොමේන් ඩෙකර් මහත්මිය පවසා තිබෙනවා. යුටියුබ් නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඇය මේබව පවසා ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පවසා තිබේ,

“මනුස්සයෙක්ව අතීතයෙන් නිශ්චය කරන්න බැහැ. මොකක් හරි හේතුවක් නිසා රට වැටිලා තියෙද්දි බොරුවට අරයා භාරගන්නම් මෙයා භාරගන්නම් කිය කියා හිටියට කවුරුත් භාරගත්තේ නැහැනෙ. කවුද රට භාරගත්තේ. අන්තිමට රට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විතරයිනෙ. එතනදී මම එතුමාට කැමතියි. ඒ මොළය කාටවත් නැහැ. ඒක මාර මොළයක්. මිනිස්සු මඩ ගහන්න ගහන්න ඒකට මුහුණදෙන්න ඔන විදිහ එතුමා දන්නවා. වැටිලා තිබුණ අපේ රට මේ තත්වයෙන් හරි ගෙනියන්න භාරගත්තේ එතුමා. ඒකට මම මාර කැමතියි. යැයි ප්‍රකාශ කර ඇත.

Previous articleඅජිත් මාන්නප්පෙරුමට සති 04 ක් පාර්ලිමේන්තුව තහනම්
Next articleමත්පැන් අලෙවිය ගැන රාජ්‍ය ඇමති චාමර කියු දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here