Home අද මත්පැන් අලෙවිය ගැන රාජ්‍ය ඇමති චාමර කියු දේ

මත්පැන් අලෙවිය ගැන රාජ්‍ය ඇමති චාමර කියු දේ

1781
0

ආණ්ඩුව මත්පැන් වලින් බදු ගන්නේනම් මත්පැන් මිල පහල දැමිය යුතු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය. අධික ලෙස බදු වැඩිකර තිබෙන බැවින් මත්පැන් අලෙවිය 75෴ න් අඩුවි ඇති බව පැවසු දසනායක මහතා මෙසේද පැවසීය.

“සුරාබදු වලින් බිලියන 07 ක හිඟ බදු තිබෙනවා අයවෙන්න. අතිවිශේෂ අරක්කු බෝතලයක් නිෂ්පාදනය කරන්න 1200 යන්නේ . නමුත් 3000 ට විකුණනන්නේ.  නමුත් මේ නිසා 75෴ න් විකිණීම අඩුවෙලා. මෙලෙස බදු වැඩිකරලා තියෙන්නේ IMF කියු නිසා බව මුදල් අමාත්‍යාංශය කිව්වා. නමුත් ලංකාවේ කසිප්පු කියලා දෙයක් තියෙනවා කියලා ඔවුන් දන්නේ නැහැ.  මේ නිසා මිල වැඩිකරපුවාම වෙන්නේ අති විශේෂ අරක්කු විකිණීම අඩුවීමයි. අරක්කු රටේ විකුණන්නේ නැත්නම් මොනවත් විකුණන්න ඔනේ නැහැ. නමුත් රජයට බදු ගන්නවානම් රජය එගැන කල්පනා කරන්න්න වෙනවා. රට අවුරුද්දයි මාස 03 ට කලින් තිබුණේ කොහොමද කියලා අමතක වෙලා තියෙනවා. දැන් මිල ගණන් ගැන කතාරනවා. ඒ උනත් ජනාධිපතිතුමා මේරට භාරගත්තාට පස්සේ රට යතාතත්වයට පත්කරලා තියෙනවා. ඒකාලේ රුපියල් 1000 ටවත් තෙල් ගහගන්න බැරිවෙලා තිබෙනවා. එකපැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ කියනවා රජයේ සේවකයින්ට පඩි වැඩිකරන්න කියලා. ඒඅතර ලෝකයෙන් මුදල් ලැබෙන්නේ නැහැ , ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනන් බැරිවෙලා තියෙනවා කියපා චෝදනා කරනවා. පහුගිය කාලේ රටේ තිබුණු තත්වය එක්ක බලනවිට දැන් රට ටිකෙන් ටික ඉදිරියට යනවා. ‍‍‍‍ මේ චෝදනා කරන අය රට කරන වැඩපිළිවෙලක් කියන්නෙත් නැහැ චෝදනා කරමින් ඉන්නවා පමණයි . මේ යන වැඩපිළිවෙල සාර්ථක කරගෙන රට ගොඩගැනීමට ජනාධිපතිතුමාට ශක්තිය තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. යැයි පැවසීය.

 

Previous articleඅන්තිමට රට භාරගන්න හිටියේ රනිල් වික්‍රමසිංහ විතරයි
Next articleජනපති සහ චීන උප අගමැති අතර හමුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here