Home අද අගමැතිගෙන් පක්ෂ නායකයින්ට ආරාධනාවක්

අගමැතිගෙන් පක්ෂ නායකයින්ට ආරාධනාවක්

1653
0

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවකට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂනායකයින්ට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අද (18දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාළව අයවැය ඡන්ද විමසීම් වලදී ඇතුළුව අනුමැතිය ලබාගෙන ඇති අතර මහමැතිවරණයේදී ද ඒසඳහා ජනවරමක් ලබා‌ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා කීවේය. ඒ අනුව පළාත් පාලන , පළාත් සභා , පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රම මිශ්‍රක්‍රමයකට යාමට සම්බන්ධයෙන් සාකච්ඡාකර සංශෝධනය කිරීමට සුදානම්බව අගමැතිවරයා කීවේය.

මැතිවරණ ක්‍රම වෙනස්කිරීම ගැන පාර්ලිමේන්තුවට ගෙන ආ 20 සහ 21 සංශෝධනවලද මේ වෙනස්කම් ගැන සාකච්ඡා වුනා. සාකච්ඡාවට සහභාගීවන ලෙස ආරාධනා කර සිටිනවා.  රට බලා සිටිනවා මේ වෙනස්කම් කරන තුරු යනුවෙන්ද ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා පැවසුයේ මැතිවරණය පවත්වා මැතිවරණ ක්‍රම වෙනස්කරන ලෙසත් ඒහේතුවෙන් සාකච්ඡාවට සහභාගීනොවන බවත් පැවසීය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරයගේ සිට සියලුම රාජ්‍ය නායකයින් මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවට ප්‍රකාශ දී ජනවරම ලබාගෙන ඇති බවත් ඒබැවින් ඒසඳහා සියලුදෙනා එකඟවී ඇති බවද හෙතෙම පැවසීය. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධ වගකීම තමා භාරගන්නා බවද හෙතෙම වැඩිදුරටත්කීවේය.

Previous articleජනාධිපති චීනයේ හුවාවි (Huawei) සමාගමේ නිරීක්ෂණ චාරිකාවක
Next articleචීනය සිය ආර්ථිකය පූර්ණ වශයෙන් විවෘත කිරීමට සැරසේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here