Home අද ලංකාවට අත තිබ්බොත් වෙනදේ බලාගන්න – ඩෑන්‌ හමාස්‌ එක්ක ගේම ඉල්ලයි…!

ලංකාවට අත තිබ්බොත් වෙනදේ බලාගන්න – ඩෑන්‌ හමාස්‌ එක්ක ගේම ඉල්ලයි…!

3929
0

ඊශ්‍රයලය හමාස් ගැටුම් හමුවේ  මුළු ලෝකයම අල්ලාගන්නේ යයි  හමාස් සංවිධානයේ නායකයා විසින් පවසා ඇතත් ඔහු පාඩමක් ඉගෙන ගන්නේ ලංකාවට අත තැබූ දින බව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතා සඳහන් කරයි.

මේ වන විට ඇති වී තිබෙන ඊශ‍්‍රායල පලස්තීන ගැටුම සම්බන්ධයෙන් මෙරට දී දෙපැත්ත බෙදී විරෝධතා කිරීම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

“සමහරක් අන්තවාදී මිනිස්සුන්ට අපිට කියන්න වෙනවා මේක පලස්තීනය නෙවයි. ඊශ්‍රයලයේ අයට මෙහෙ ඉන්න බැහැ කියලා ලංකාවේ ඉන්න අයට කියන්න බැහැ. එහෙම කියන කවුරුහරි අන්තවාදී මුස්ලිම් අය ඉන්නවානම් පලස්තීනයට යන්න පුළුවන්. ලංකාවට අත තිබ්බ දවසට තමයි හමාස්ලටයි මේ රටේ ඉන්න හමාස්ලටයි මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන් වෙන්නේ.

මේ නිසා කොහොවත් රටවල් දෙකක ප්‍රශ්න අපේ රටේ ප්‍රශ්නයක් කරගන්න එපා කියලා කියනවා. මොකද අපේ රටේ විසඳගන්න ප්‍රශ්න ඇති තරම් තිබෙනවා. නැවත වතාවක් අපිට ජාතිවාදී ලේබල් ගහලා පාරට බස්සගන්න හදන්න එපා.” යැයි පැවසීය.

ගෝඨභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වු පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ද මොහු සහ නාමල් කුමාර , අමිත් පුස්වැල්ල වැනි පුද්ගලයින් මේ ආකාරයටම විවිධ ජාතිවාදී ප්‍රකාශ කරමින් රටේ සැබෑ තත්වය වෙනතකට යොමුකිරීමට සහ මැතිවරණයේදී ගෝඨාභයට මහතාට වාසිදාකයක වන අයරින් හැසුරිණි.

Previous articleඉන්දියාව‍ට ‍බෝට්ටුවෙන් යන්න රුපියල් 26,750ක් පමණයි
Next articleජනපති චීනයේ සිව් දින නිල සංචාරයක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here