Home අද IMF සමඟ එකඟතාවක් ඉක්මණින්ම – විදෙස් මාධ්‍ය

IMF සමඟ එකඟතාවක් ඉක්මණින්ම – විදෙස් මාධ්‍ය

3590
0

ශ්‍රී ලංකාව ඉදිරි දින කිහිපය තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඉදිරි ණය වාරික සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණයහිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුළ දී පවා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙයාකාරයෙන් සාධනීය ප්‍රතිචාරයක් දක්වනු ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ.

මෙම සතියේ මොරාක්කෝවේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමට ආසන්න බව මූලාශ්‍ර කිහිපයක් විසින් අනාවරණය කර ඇති බව එහි සඳහන් වේ.

මේ සතියේ මොරොක්කෝවේ IMF – ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලදී පැරිස් සමාජයේ සහ අනෙකුත් ණය දෙන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ද පැවැත්වීමට නියමිතය. එහිදී නිල ණය හිමියන්ගේ කමිටුව මේ සතියේ ශ්‍රී ලංකාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ඉලක්ක කර ඇති නමුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

මොරාක්කෝවේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුව පසුගිය ඔක්තෝබර් 09 වන දා ආරම්භ වූ අතර එහි එක් එක් ඉසව් ඔක්තෝබර් 15 දක්වා පැවැත්වෙනු ඇත

 

Previous articleලෝක ආර්ථිකය තුළ ඉන්දියන් සාගර කලාපයේ රටවලට තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබෙනවා
Next articleඉන්දියාව‍ට ‍බෝට්ටුවෙන් යන්න රුපියල් 26,750ක් පමණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here