Home අද කොල්ලුපිටියේ බස් රථ අනතුරින් මගීන් 5ක් මරුට (PHOTOS)

කොල්ලුපිටියේ බස් රථ අනතුරින් මගීන් 5ක් මරුට (PHOTOS)

2901
0

අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ.

ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇත.

මෙම බස් රථය කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයක් වන අතර අනතුරින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

එහිදී බස් රථයේ සිරවී සිටින පුද්ගලයින් දෙදෙනෙකුව පොලීසිය සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව මුදාගැනීමට කටයුතු කරනු ලැබුවා.

සිදුවූ අනතුරින් මගීන් 5 දෙනෙකු මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සඳහන් කරනවා.

අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවද පොලීසිය පැවසීය. කොල්ලුපිටියේ බස් අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය.
No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

 

Previous articleවිරෝධතා ගොනුකිරීමට ගෝඨාභයට කල්දෙයි
Next articleලෝක තෙල් මිල ඉහළ යාමේ අවධානමක් – විදෙස් මාධ්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here