Home අද කුලී රථ ඒකාධිකාරය බිඳිමින් Uber සහ PickMe සේවාවන් කටුනායකට

කුලී රථ ඒකාධිකාරය බිඳිමින් Uber සහ PickMe සේවාවන් කටුනායකට

5259
0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණෙන දේශීය මෙන්ම විදෙස් රටවල පුද්ගලයින්ට Uber සහ PickMe මගී ප්‍රවාහන සේවාවන් ලබා ගැනීමේ පහසුකම සපයා දී තිබෙනවා.

පසුගිය දින වල බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල අවට ලියාපදිංචිව සිටි කුලී රථ රියදුරන් විසින් පවත්වාගෙන ගිය ඒකාධිකාරී ස්වභාවය සහ ඔවුන් විසින් සිදුකල විවිධ අකටයුතුකම් සහ මගීන්ගෙන් ලබාගත් අසාධාරණ මිල ගණන් හේතුවෙන් විදෙස් රටවල සිට මෙරට පැමිණෙන පුද්ගලයින් සහ ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිට ගුවන් තොටුපොළට පැමිණෙන මගීන් දැඩි අපහසුතාවට පත්වූ අකාරය මාධ්‍ය වාර්තා කර තිබුනා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ වත්මන් රජය Uber සහ PickMe කුලී රථ සේවාවන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ස්ථානයක් ලබාදී තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට දිවයිනේ ඕනෑම ස්ථානයකට යාම සඳහා Uber සහ PickMe සේවාවන් ලබාගැනීමට හැකි වන අතර සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ද මෙය හේතුවක් වනු ඇත.

කටුනායක කුලී රථ රියදුරන්ගේ ඒකාධිකාරය සහ ඔවුන්ගේ අකටයුතුකම් සම්බන්ධයෙන් ද විශේෂයෙන් අවධානය යොමුකරමින් Newshub කළ වැඩසටහන

Previous articleජනපති රනිල් කියුබානු ජනාධිපති හමුවෙයි
Next articleශ්‍රී ලංකාවට අවාසනාව ගෙන ආ මූසල පොහොට්ටු සාපය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here