Home අද නියඟය කුඩා වැව් දහදාහක් හින්දයි

නියඟය කුඩා වැව් දහදාහක් හින්දයි

2081
0

නියඟය තත්ත්වය නිසා මේ වනවිට දිවයිනේ වැව් 10,000කට වැඩි ප්‍රමාණයක් මුලුමනින්ම සිඳී ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා

ඊට අමතරව සියලුම ප්‍රධාන ජලාශවල ජල මට්ටම ද සියයට 35-40 දක්වා අඩු වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

සිදී ගොස් ඇති වැව් මහ කන්නයේ වැසිවලට පෙර ප්‍රතිසංස්කරණය කිරීම වනවිට ආරම්භ කර ඇති බව කී අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබී ඇති ප්‍රතිපාදන අනුව එම කටයුතු කරන බව පැවසීය.

පවතින එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් ලබන මහ කන්නයේ හොඳ වර්ෂාතපනයක් ලැබෙතියි අනුමාන කරන අතරම ඊළඟ යල කන්නය නැවතත් වියළි කාලගුණික තත්ත්වයක් පැමිණිය හැකි යැයි කාලගුණ අංශ කෘෂිකර්ම අමාත්‍යාංශයට අවධාරණය කර තිබේ.

එම නිසා මාස් මෝසමට පෙර මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මගින් වැඩි ජල ප්‍රමාණයක් රැස් කර තබා ගැනීම මගින් ගොවි ගැටළු විසඳීමට හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

Previous articleපෞද්ගලික විශ්ව විද්‍යාලයකින් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇඳන් දෙයි
Next articleමහනුවර හෝටල් සියල්ල පිරෙයි – සංචාරකයින්ට නවාතැන් දෙන්න නිවැසියන්ටත් අවස්ථාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here