Home අද ජනතා විමුක්ති පෙරමුණ සහ පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් අතර සුහඳ සාකච්ජාවක්

ජනතා විමුක්ති පෙරමුණ සහ පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් අතර සුහඳ සාකච්ජාවක්

3802
0

ජනතා විමුක්ති පෙරමුණ සහ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ දැන් නිදහස් ලංකා සභාව නමින් කටයුතු කරන මන්ත්‍රීවරු පිරිසක් අතර සාකච්ජාවක් අද(25දා) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පවත්වා තිබේ.

නිදහස ජනතා සභාවේ නායක පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු සාමාජිකයින් සමග ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් මෙම සාකච්ඡාවට එක්වී ඇත.

මෙම සාකච්ඡාවට පැමිණි පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම , ඩිලාන් පෙරේරා ඇතුලු පිරිසට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවත් සුහද සාකච්ඡාවක් සිදුකළ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩලස් අලහස්පෙරුම මහතා කීවේය.

ඉදිරි ජනාධිපතිවරණට ඉලක්ක කරගනිමින් විපක්ෂය පොදු සන්ධානයක් නිර්මාණය කිරීමට සුදානම් වන බව සමගි ජනබලවේගය සඳහන් කළ අතර නිදහස ජනතා සභාව මේ සම්බන්ධයෙන් සමගි ජනබල වේගය සමගද සාකච්ඡා කර තිබුණි.

වර්තමානයේ රට පවතින ආර්ථික බංකොලොත්භාවයට පොදුජන පෙරමුණ සෘජුවම වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණ දැඩිලෙස විවේචන එල්ල කරන අවස්ථාවක පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු පිරිසක් ජවිපේ මූලස්ථානයේ සාකච්ජා පැවැත්වීම විශේෂ සිදුවීමකි. ඩලස් අලහප්පෙරුම මහතා ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රභල කැබිනට් අමාත්‍යධූරයක් දැරූ අතර රාජපක්ෂ පවුලේ සමීපතමයෙකි

Previous articleආරුගම්බේ වෙනස් වෙයි අලුත් වෙයි
Next articleකොළඹ හොඳ හොඳ අපාර්ට්මන්ට් ගත්ත අය පසුපස බදු නිලධාරීන් ලුහුබදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here