පීරමීඩ යෝජනා ක්රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනවක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එමෙන්ම Best Life/ MTFE ඇතුළු පිරමීඩ හොර සමාගම් 09ක් තහනම් කර ඇති බවද ශ්රී ලංකා මහබැංකුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
තහනම් කරන ලද පිරමීඩ ක්රමයක් ආරම්භකිරීම , සෘජුව හෝ වක්රව දායකවීම , පිරිනැමීම , ප්රවර්ධනය කිරීම , කළමනාකරණය කිරීම හෝ මෙහෙයවීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද මහබැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙලෙස තහනම්කර ඇති පිරමීඩ සමාගම් මෙසේය,
- Tiens Lanka
- Best Life
- Global lifestyle
- Mark-wo
- V M L international
- Fast 3 Cycle
- Sport chaina app
- onmaxDT
- MTFE app