Home අද නියගය දරුණු වෙයි – ජලාශවල ජල ධාරිතාව අඩුවේ

නියගය දරුණු වෙයි – ජලාශවල ජල ධාරිතාව අඩුවේ

1801
0

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශ 73ක ජල ධාරිතාවෙන් භාවිතය සඳහා ඉතිරිව ඇත්තේ අක්කර අඩි 8,30,000ක පමණ ජල ධාරිතාවක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා ඇත.

ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවෙන් සියයට 27.8ක් පමණක් භාවිතය සඳහා යොදා ගැනීමට ඉතිරි වී ඇති බව ද සඳහන් වේ. එමෙන් ම, ප්‍රධාන ජලාශ සියල්ල අතරින් ජලාශ 62ක ජල ධාරිතාව සියයට 50ක් දක්වා පහළ බැස ඇතැයි වාර්තා වේ.

හම්බන්තොට, අනුරාධපුරය, කුරුණෑගල සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පිහිටි ජලාශ 14ක ධාරිතාව සියයට 10ටත් වඩා අඩු බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා ඇත.

Previous articleජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි
Next articleලංකාව පැය 24 පුරම විවෘත කරන්න ඔනේ රටක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here