Home අද හරීන්, මනූෂ එක්ක යළිත් අලියගේ පිටට

හරීන්, මනූෂ එක්ක යළිත් අලියගේ පිටට

2364
0

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තහනම්ව තිබූ මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වය ලබාදීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය එකගත්වය පළ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද මෙහිදී තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ (02දා) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ජනාධිපතිව රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විය.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඒ පිළිබඳව මාධ්‍ය වෙත දැක්වූ අදහස්,

” එක්සත් ජාතික පක්ෂයේ 77 වෙනි පක්ෂ සම්මේලනය පැවැත්වීම පිළිබඳව සහ සහ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව අද රැස්වීමේදී තීන්දු කළා. එළඹෙන සැප්තැම්බර් මාසේ දහ වෙනි දින ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පක්ෂ සම්මේලනය පැවැත්වීමට මෙහිදී තීන්දු කළ අතර අරගලයේ දී ජනතාව කිව්වා වගේ ක්‍රම වෙනසක් කිරීමට අදාළව පක්ෂ ව්‍යවස්ථාවත් ඒ හා සමගාමීව වෙනස් කිරීමකට ලක් කිරීමට නියමිතයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලයට අමතරව විධායක සභාව ශක්තිමත් කිරීමටත්, විධායක සභාව තීන්දු තීරණ ගන්නා තැනක් බවට පත් කිරීමටත්, දේශපාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් වෙනම කමිටුවක් නිර්මාණය කිරීමටත්, මාර්ගගත ක්‍රමවේදයට අනුකූලව පක්ෂය සංවිධානය කිරීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කළා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අපට උපදෙස් දුන්නේ බල මණ්ඩල 75 ක් පැවැත්වීමට වුනත් අප මේ වන විට බල මණ්ඩල 132 ක් පවත්වා තිබීම ගැන ජනාධිපතිතුමා බල මණ්ඩල සංවිධානය කළ සියළු දෙනාටම ස්තූති කලා.” යනුවෙන් පැවසීය.

Previous articleලංකාවේ අධ්‍යාපනය දැන්වත් උසස් වේවිද?
Next articleඅනුර දිසානායකව කොළඹින් පරද්දනවා – ප්‍රියාන් මැණික්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here