Home අද මේ දේශපාලනය කරන කාලයක් නෙමෙයි හරි දේ කරන කාලයයි – ශ්‍රී ලංකා...

මේ දේශපාලනය කරන කාලයක් නෙමෙයි හරි දේ කරන කාලයයි – ශ්‍රී ලංකා ලෝක බැංකු අධ්‍යක්ෂ

1711
0

ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මේ වනවිට සිදුකරමින් යන වැඩසටහන ප්‍රශංසනීය බව නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතා පවසනවා.

එම තත්ත්වය ඒ ආකාරයෙන්ම ජනතාවත් දැනුම්වත් කරමින් ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස ද ඒ මහතා කියා සිටියේය.

කොළඹදී ඊයේ (18) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතා,

“බලාපොරොත්තු නොවු අර්බුදයකට ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදෙමින් සිටිනවා. අපහසු තීන්දු තීරණවලට එළැඹීමට සිදුවෙයි. නමුත් හරි වේලාවේ මේ තීන්දු තීරණවලට එළැඹීමට සිදුවෙනවා. ඉල්ලීමක් කරන්න තිබෙනවා මේ කරගෙන යන වැඩපිළිවෙල ඒ විදියටම කරගෙන යන්න. එයයි මේ වෙලාවේ වැදගත්. කරුණාකර ඇත්ත කතා කරන්න. මේ දේශපාලනය කරන කාලයක් නෙමෙයි හරි දේ කරන කාලයයි මේ. වෙලාව ඇවිත් ශ්‍රී ලංකාවට නැවතත් හිස ඔසවන්න.”

Previous articleත්‍රිපිටකය අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම
Next articleපාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් එකඟ නම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here