Home අද හම්බන්තොට සංවර්ධනයට Master Plan එකක්

හම්බන්තොට සංවර්ධනයට Master Plan එකක්

836
0

හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලසුමක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා ‘විසල් හම්බන්තොට’ ප්‍රාදේශීය ආකෘති සැලැසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීමේ කාර්ය සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙත පැවරීමට 2018.06.26 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරය හා බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට සහ නැගෙනහිර පළාත් උපායමාර්ගික සංචාරක කලාපීය සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම සකස් කිරීමේ වගකීම ද දරනු ලබන සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙතම හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලසුම සකස් කිරීමට ඉඩදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.

ඒ අනුව එම සමාගමට මෙම කටයුත්ත පවරාදීමේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Previous articleකපුටෙක් ජනාධිපතිතුමාට කොටන්න පටන් අරන් – මර්වින්
Next articleඅර්බුද නිසා නවතා දැමූ “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය 2024 සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here