Home අද රටපුරා ගුවනින් යන්න අවස්ථාව

රටපුරා ගුවනින් යන්න අවස්ථාව

18923
0

රටතුළ පිහිටි සියළු ගුවන්තොටුපොළවල් වෙත අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව අභ්‍යන්තර ගුවන්සේවා පවත්වාගෙන යන්නන්  සඳහා සහන ලබාදීම වෙනුවෙන් ඊට අදාළ ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම පසුගිය සිකුරාදා (07දා) පාර්ලිමේන්තුවේදී  සිදුවිය.

එහිදී අදහස් දක්වමින් නිමල් සිරිපාල ද අමාත්‍යවරයා පැවසුයේ  කටුනායක , මඩකලපුව ,  ත්‍රිකුණාමලය ,  යාපනය මත්තල, රත්මලාන , ඇතුළු ගුවන්තොටුපොළවල් සියල්ල සඳහාම අභ්‍යන්තර ගුවන්ගමන් ආරම්භකරන බවය.  සිනමන් එයාර් සහ ෆිස්ට් එයාර් ගුවන් සමාගම් දෙක මේවනවිටත් රත්මලාන – යාපනය ගුවන් ගමන් ආරම්භකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම සංචාරකයින්ට , ව්‍යාපාරකයින්ට , ආයෝජකයින්ට මෙය ඉතාම පහසුවක් වනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පලාලි ගුවන්තොටුපළේ ධාවන පථය දීර්ඝ කිරීමට මේවනවිට සැලසුම් කරගෙන යන බවත් ලබන මාසයේ සිට පලාලි ගුවන් තොටුපළ සඳහා දිනපතා ගුවන් යනා පැමිණීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද අමාත්‍යවරයා කිවේය.

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් සේවා ගණන සහ ගුවන් ගමන් වාර ගණනද මේවනවිට වැඩිවී ඇති බවත් පසුගිය මැයි  මාසයේදී ජනතාව 279509 ක් මෙරටට පැමිණ ඇති අතර  310,249 ලංකාවෙන් පිටතට ගොස් ඇති අති බවද මගීන් සංසරණයේ වැඩිවීමක් පෙන්නුම්කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසීය.

 

 

 

 

 

Previous articleවරාය පාර ලබන වසරේ ජනතා අයිතියට
Next articleකපුටෙක් ජනාධිපතිතුමාට කොටන්න පටන් අරන් – මර්වින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here