Home අද EPF ගැන සජිත්ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරුවක් (VIDEO)

EPF ගැන සජිත්ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරුවක් (VIDEO)

628
0

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙරිටේ රිසර්ච් ආයතනයේ දත්ත මත පදනම් වෙමින් වැඩකරන ජනතාවගේ කෝටි ලක්ෂ 12ක මුදලක් අහිමිවන බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකදී එයට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ඒ සඳහා භාවිතා කර ඇති දත්ත සහ එය ඉදිරිපත්කර ඇති ආකාරය සම්පුර්ණයෙන් නොමඟ යවන සුළු බවයි.

ඒ සම්බන්ධයෙන් කළ සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින්

 

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමේ වාසිය වෙළඳපොළට ලබා දීමට බැංකු කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් පොලී අනුපාත නියාමනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගන්න බවත් කියා සිටියා.

බැංකු පොලී අනුපාත යම් මට්ටමකට අඩු වුවත් තව දුරටත් අඩු විය යුතු බවත් ඒ සඳහා බැංකු වලට සහන කාලයක් හිමිවන බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.එම කාලය තුළදී බැංකු විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩුවීමේ වාසිය ජනතාව වෙත ලබා දෙමින් වෙළඳපොළ පොලී අනුපාත අඩු කරනු නොලැබුවහොත් 2018 වසරේ මෙන් බැංකු වලට ඉලක්ක ලබා දීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.රන් උකස් ණය සහ ණය පත් පොලී අනුපාතද ඒ අනුව කාලානුරූපීව අඩු වනු ඇතැයි මහ බැංකුව පැවසුවේය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මග පෙන්වීම යටතේ ණය පත් පොලී අනුපාතිකය සියයට 2 කින් බැංකු අඩු කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා(05) පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 200 කින් පහල දැමීමට තීරණය කළ අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 දක්වාත් පහල දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹී බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.එසේම මම මස අවසාන වන උද්ධමනය සියයට 7 දක්වාත් ඉන්පසුව මෙම වසරේ මැදි භාගය වන විට උද්ධමනය තවත් පහලට යනු ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

Previous article2023 අවසානයේ ආර්ථිකය ධනාත්මක අගයකට
Next articleණය ප්‍රශස්තකරණය නිසා EPF – ETF අරමුදල් සුරක්ෂිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here