Home අද ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් ආධාර

ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් ආධාර

549
0

ශ්‍රී ලංකාවට ලෝක බැංකුව මගින් අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබාදී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ. එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබුණි. අයවැය සඳහා වෙන්කර තිබුණ මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් ඒ අනුව ලංකාවට මෙලෙස හිමිව තිබේ.

Previous articleගෑස් මිල වෙනස් වෙන හැටි
Next articleජුනි මස ලංකාවට පැමිණි සංචාරක පිරිස ලක්ෂය ඉක්මවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here