Home අද හර්ෂ ද සිල්වා මත දෙකක

හර්ෂ ද සිල්වා මත දෙකක

685
0

දේශිය ණය ප්‍රශස්තකරණ යෝජනා සඳහා මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ස්වාධීනව එකඟතාවය ලබාදුන්නද සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස එයට එකඟ විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දේශිය ණය ප්‍රශස්තකරණ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මුදල් කාරක සභාවට ඉදිරිපත් වු අතර එහිදී එම යෝජනා සඳහා බහුතර කැමත්ත අනුව එකඟතාවය ලබාදී තිබුණි.

එසේ උවද දේශිය ණය ප්‍රශස්තකරණ යෝජනා ක්‍රියාවලියේ පිළිගත නොහැකි තැන් තිබෙන බැවින් සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරයෙකු ලෙස එයට එකඟ විය නොහැකි බවද මන්ත්‍රීවරයා කීවේය.

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුගතකරන ලෙස තමා පැවසුයේ මීට වසර දෙකකට පමණ පෙර බවද ඒඅවස්ථාවේදී ආණ්ඩුවට එයට අවධානය යොමු නොකළ බවද හෙතෙම පැවසීය.

එමෙන්ම දේශිය ණය ප්‍රශස්තකරණ කිරීමේදී අර්ථ සාධක අරමුදලට සිදුවන බලපැම සම්බන්ධයෙන් එහි අගතියක් වෙනවද නැද්ද යන්න සොයා බැලීමට අද සිට  එම අරමුදලට දවස් 21 ක් ලැබෙන බවත් ජුලි 25 දා වනවිට එසම්බන්ධයෙන් සොයාබලා තීරණයකට ඒමේ අවස්ථාව හිමිව තිබෙන බවද හෙතෙම පැවසීය. අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් වෙනුවෙන් කවුරුවත් එහි පාලක මණ්ඩලයේ නැති බවත් එහි මුදල් යොදවා ඇති ලක්ෂ 25 ට ලැබෙන පොලිය අසාධාරණ ලෙස අඩු නොකර ලබාදිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී.

Previous articleලන්සා – ගොඩහේවා පාර්ලිමේන්තුවේදී ගැටෙයි
Next articleදේශීය ණය ප්‍රශස්තකරණය වැඩි ඡන්දයෙන් සම්මතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here