Home අද පාර්ලිමේන්තුව රැස්වීම ගැන ගත අලුත්ම තීරණය

පාර්ලිමේන්තුව රැස්වීම ගැන ගත අලුත්ම තීරණය

763
0

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාදය හෙට (01) පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

එම විවාදය හෙට උදෑසන 9.30 සිට සවස 7.30 දක්වා පැවැත්වෙන අතර ඉරිදා පාර්ලිමේන්තුව රැස් නොවීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇත.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ රැස් වුණි.

එහිදී මෙම තීරණ ගෙන තිබුණි

එමෙන්ම ලබන 4වන අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන අතර 5 වනදා සිට 7 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය වූ බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

Previous articleමූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක්
Next articleවිදුලි ගාස්තු අඩු කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here