Home අද අපනයන ආදායම ඉහළට

අපනයන ආදායම ඉහළට

13398
0

2022 වසරට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී මෙරට ආනයන අපනයන වෙළෙඳ පරතරය වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙරට ආර්ථිකයේ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සිය නවතම වාර්තා ඉදිරිපත් කරමින් මහබැංකුව මෙම අනාවරණය සිදුකර තිබෙනවා..‍

2022 වසරේ මැයි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 403 ක් ලෙස සටහන් වී තිබු වෙළෙඳ පරතරය ගතවූ මැයි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 447ක් බව මහ බැංකුව සඳහන් කරනවා.

ඒ අනුව 2022 පෙබරවාරි මාසයෙන් පසු වෙළෙඳ පරතරය පුළුල් වීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

මේ අතර 2023 මැයි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව ඉපයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1019 ක් වන අතර ‍අප්‍රේල් මාසය හා සසඳන විට එය කැපී පෙනෙන ඉහළ යාමකි.

එහෙත් මහ බැංකුව පවසන්නේ, 2022 මැයි මාසයට සාපේක්ෂව අපනයන ආදායම 2.7%කින් පහත වැටී ඇති බවය.

2023 මැයි මාසයේදී මෙරට ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1,466 දක්වා ඉහළ ගොස් තිබේ.

2022 පෙබරවාරි මාසයෙන් පසු මෙරට ආනයන වියදම ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබුණු අතර එය නැවත වැඩිවීමක් පෙන්නුම් කළ පළමු අවස්ථාව මෙයයි.

2023 මැයි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 480 දක්වා කැපී පෙනෙන ඉහළයාමක් දක්නට ලැබේ.

මැයි මස සංචාරක කර්මාන්තයෙන් ඉපයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 131ක් ලෙස සටහන් වන විට මේ වසරේ මැයි මස දක්වා කාලය තුළදී සංචාරක කර්මාන්තයෙන් ඉපයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 828ක් ලෙස සටහන් විය.

Previous articleජනපති ව්‍යාපාරික ප්‍රජාවගෙන්  ඉල්ලූ දේ
Next articleමූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here