Home අද සංචාරකයින්ගේ පැමිණීම තවත් ඉහළට

සංචාරකයින්ගේ පැමිණීම තවත් ඉහළට

799
0

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

මේ මාසය තුළ මෙරටට සංචාරකයින් 84,003 දෙනෙකු පැමිණ ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයින් වේ. එම සංඛ්‍යාව 22,388කි.

ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජර්මානිය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් එම කාලය තුළ දිවයිනට පැමිණ තිබේ.

කෙසේවෙතත් පසුගිය වසර තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 719,978ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

Previous articleලාෆ් ගෑස් මිලත් අඩුවන ලකුණු
Next articleණය ප්‍රතිව්‍යුහගත යෝජනාව අද මුදල් කාරක සභාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here