Home අද කැබිනට් සහ ආණ්ඩු මන්ත්‍රී අද රැස්වෙයි

කැබිනට් සහ ආණ්ඩු මන්ත්‍රී අද රැස්වෙයි

799
0

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් රැස්වීමක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ලබන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බව වාර්තා වේ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතිය.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව පස්වරු 5.00ට පමණ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී අවධානය යොමුව ඇති බව ජගත් කුමාර මන්ත්‍රීවරයා කියා සිටියා.

Previous article 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව මහ ලේකම් මන්ත්‍රීවරුන්ට දැනුම්දෙයි
Next articleණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන බයවෙන්න එපා – මහාචාර්ය මෙත්සිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here