Home අද අක්කර 16,000 ක බඩ ඉරිඟු වවන්න ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය

අක්කර 16,000 ක බඩ ඉරිඟු වවන්න ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය

758
0

ලබන මහ කන්නයේ දී මෙරට තුළ හෙක්ටෙයාර 16,000ක් බඩඉරිගු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ එම අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ (13) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දීයි.

ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කිරීමටයි නියමිතව තිබෙනවා.

මෙහි දී උසස් තත්වයේ දෙමුහුන් බීජ, රසායනික පෙහොර මෙන්ම බිම් සැකසීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් නැවත අයකර නොගැනීමේ පදනම යටතේ ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

Previous articleකුල දරුවන් සසුන්ගත කිරීමට වයස් සීමාවක්?
Next articleකන්නාඩියක් ඉස්සරහට ගියාම මට ජනාධිපති කෙනෙක් පේනවා – SF

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here