Home අද ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේනවානම් ඒ ජපානයයි

ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේනවානම් ඒ ජපානයයි

692
0
ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේනවානම් ඒ ජපානයයි
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක

 

 

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින අතර මේ නිසාම පජානය ශ්‍රී ලංකාව වෙනුවෙන් අවස්ථා ගණනාවකදී විවිධ අයුරින් උදව් උපකාර සිදුකර තිබේ. එම මිත්‍රතත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ඉතා පහසු ණය අධාර යටතේ ලැබුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමත් සමග ජපන් ශ්‍රී ලංකා සබඳතා පලුදු වු අතර වත්මන් ආණ්ඩුව විසින් එම සබඳතා යළිත් ශක්තිමත් කරගැනීමේ උත්සහයක නිරතවෙමින් සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස යලිත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය රටට ලැබී තිබේ. ජපන් මිත්‍රතත්වය සහ සම්ප්‍රදාය තුළින් ශ්‍රී ලංකාව වෙනස් විය යුත්තේ කෙසේද යන්න පිළිඳව දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍ය වේ. කෙසේ උවද ජපානය සම්බන්ධයෙන් අත්දැක්ම් බහුල   කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළෙමු.

ජපන් ශ්‍රී ලංකා සම්බන්ධතා සඳහා දිර්ඝ ඉතිහාසයත් තිබෙනවා. මේ ගැන මුලින්ම කතාකළොත්?

ලෝක සිතියමේ තිබෙන විවිධ ජාතීන් විවිධ රටවල් අතරින් මගේ අත්දැකීම් අනුව අපේ ඉපැරණි ඉතිහාසය සහ සංස්කෘතිය ගැන සලකා බලනවිට අපිට ලගම තිබෙන ඉන්දියාවටත් වඩා  ජපානය හැම අතින්ම සමීපයි. ප්‍රධාන වශයෙන්ම ගත් විට බත් ආහාරයට ගැනීම ආසියානු සංස්කෘතියේ පොදු ලක්ෂණයක්. සහල, බැත හා කෙත මූලික කරගත් මෙම සංස්කෘතිය ජපන් බසින් ‘ඉනසකු බුන්කා’ නමින් හඳුන්වනවා. මේ සංස්කෘතික ලක්ෂණය අපට මෙන්ම ජපානයටත් පොදුයි. ජපානය තාක්ෂණය හා කර්මාන්ත පදනම් කරගත් රටක් කියලා බැලූ බැල්මට හිතෙන්න අපට පුළුවන්. නමුත්, ඒ අදහස වැරැදියි. ජපන් රට හා ජන සමාජය පදනම්ව තිබෙන්නේ කෘෂිකර්මය මතයි. මේ මත පදනම්ව රටක් දියුණු කිරීම සඳහා කෘෂි කර්මාන්තයෙන් ගත හැකි දායකත්වය ගැන ජපන් සමාජයෙන් අපට අදහසක් ගන්න පුළුවන්. ඊළඟ කාරණය බුදු දහමයි. බුදුදහම හා කෘෂිකර්මය මධ්‍ය කර ගත් සංස්කෘතිය අප දෙරට අතර මහා පොදු සාධකය බවට පත්ව තිබෙනවා.මේ අනුව ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේ නම් ඒ ජපානයයි.

අපේ රටේ විවිධ රජයන් යටතේ පැවතුනු මතවාද රටට ප්‍රතිපල දායක නොවන හදිසි ප්‍රතිපත්ති වලට යොමුවීම නිසා අපේ විදේශ ප්‍රතිපත්තියට බරපතල ගැටලු සිදුවුනා.  ජපානය වගේ රටක් සමඟ අපේ සම්බන්ධතා වර්ධනය කරගත යුතුව තිබුණේ අපේ දූත මෙහෙවර සමගයි. ජපානය පමණක් නොවෙයි අනිකුත් රටවල් වලටද අපේ නියෝජිතයින් යවන විට අපේ සංස්කීතිය සංකල්ප නියෝජනය වන උගතුන් බුද්ධිමතුන් යොමුකළ යුතුයි කියලා මම හිතනවා.

ජපානයෙන් ලැබුණු ව්‍යාපෘති අතරින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සුවිශේෂයි. ශ්‍රී ලංකාවට නැවත එය ලැබී තිබෙනවා. මෙය ඔබ දකින්නේ කෙසේද?

ඇමරිකානු ඩොලර් බිලියන 1.5 වගේ විශාල මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් 0.1෴ ක පොලියක් යටතේ වසර 40 කින් ගෙවන්න කාලය ලබාදීලා ණයක් ලබාදීම ගැන මටනම් අදටත් හිතාගන්න බැහැ. එයටත් වසර 12 ක නිදහස් කාලපරිච්ඡේදයකුත් ලබාදුන්නා. මෙය තමයි අපිට ලෝකයෙන් ලැබුණු වැඩිම සහනශීලි ණය ප්‍රමාණය. නමුත් අපේ තිබුණු දේශපාලන මතිමතාන්තර , බෙදුනු ආකල්ප නිසා මේ ව්‍යාපෘතිය පැවති ආණ්ඩුව විසින් නතර කලා. ජපානය කියන රට අතහිත දීමට තමයි මෙවැනි ව්‍යාපෘතීන් හදුන්වලා දුන්නේ. එය භාරගන්නවා වෙනුවට අපි එය ප්‍රතික්ශේප කළා. ඒසඳහා විවිධ හේතුන් තිබෙනවා. නමුත් විවිධ දේශපාලන පක්ෂ ආණ්ඩු  පුද්ගලයින් මේ රට පාලනය කරන්න පුළුවන් නමුත් මේ සියල්ලටම හරි මාවතක් සිස්ටම් එකක් තිබිය යුතුයි. එසේ නොතිබුණු නිසා අපිට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අපිට අහිමිවුණා.

ලෝකයේ දියුණු රටවල්වල අගනුවර කේන්ද්‍රීයව විශාල දියුණුවක් ඇතිවෙන විට ඒ අගනුවර සිට ඈත පළාත් වලට දිවෙන මංමාවත් වල ඇතිවෙන අවහිරතාවන් මගහරවාගැනීමට දුම්රිය මාර්ග පද්ධතිය අහසට ගන්නවා නැතිනම් පොළව යටට ගෙනියනවා. කුමක් හෝ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතුයි. උදාහරණයක් ලෙස ජපානයේ ටෝකියෝ නුවර දුම්රිය මාර්ග පද්ධතිය විශාල වියදමක් කරලා ඉහළට ගත්තා. මේනිසා ඉන්ධන කාලය ඉතිරිකරගැනීමට විශාල උදව්වක් වෙනවා. අපේටටත් ඒ ආභාශය ලබාදෙමින් සැහැල්ලු දුම්රිය පද්ධතිය ක්‍රියාත්මක කළා. එය හරියට කලානම් අපිට දෙවැනි අධියරත් ක්‍රියාත්මක කරවාගන්න තිබුණා. නමුත් අපි එය ප්‍රතික්ශේප කළා. නැවත වරක් එය ලැබීම සතුටට කරුණක්. ජපානය කියන රට දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව  කිසිම දවසක ඔවුන් කිසිදු ජාතියකට රටකට සංස්කෘතියකට අභියෝග කරන්නේ නැහැ. ඔවුන් නිහතමානීව කටයුතු කරගෙන යනවා. ඒකෙන් අපිට පාඩුවක් නැහැ.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ජපන් සබඳතා යළි තහවුරු කරගැනීමට දරන උත්සහය සාර්ථක වේවිද ?

ජපානය අපිට හිටපු හොදම හිතවතා ඥාතියා . අපි ඔහුව තරහා කරගතතේ නැහැ. අපි අමනාප කරගත්තා. එයට ප්‍රධානම හේතුව වුනේ අපේ සංවර්ධන ප්‍රතිපත්තිය තුළ ජපානය දුන්නු අතහිත අපි අමතක කළ නිසා. කොහොම උනත් රාජ්‍ය නායකයාගේ ජපන් සංචාරය සමග මේ ඇතිවී තිබුණු දුරස්ථභාවය නැවත සමීප කරගන්න ගත් උත්සහයක් ලෙස මම දකිනවා. ජපානය අපි සමග ඇතිවුණ සිත්තැවුලට සමස්ත රටවෙනුවෙන්ම කණගාටුව ප්‍රකාශ කරන්න රාජ්‍ය නායකයා ගත් උත්සහයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. ඒවගේම මෙවර ජනාධිපතිවරයා ජපානයට ගොස් ආසියාවේ අනාගතය නමින් පැවැත්වු විශේෂ සමුළුව ඇමතුවා. ඒ ඇමතීමේදී ඉතාම බලවත් කතාවක් කිව්වා. දියුණුවෙමින් පවතින රටක රාජ්‍ය නායකයෙන් විදිහට එවැනි ප්‍රකාශයක් කිරීම ගැනත් මම පුදුමයට පත්වෙනවා. ජනාධිපතිවරයා කිව්වේ අපි ඇමරිකාව සහ චීනය කියන බලවතුන්ගේ අතරමැදි තත්වයට පත් නොවිය යුතුයි කියන කාරණය . ආසියාවේ දියුණුව උදෙසා නිවැරදි මාවතක් තෝරාගත යුතුයි කියන ජනාධිපතිවරයා අවධාරණය කළා. එකෙන් අදහස් වෙන්නේ ඇමරිකාවවත් චීනයවත් ප්‍රතික්ශේප කිරීමක් එමගින් සිදුවුනා කියලා. යම් ආකාරයකට අතීතයේ තිබුණු මැද මාවත එහෙමත් නැතිනම් නොබැදි ප්‍රතිපත්තියේ හිදිමින් ඉදිරියට ගමන් කිරිම කියන ප්‍රතිපත්තිය පිළිබඳ ඔහු අදහස් දැක්වුවා කියලයි මම හිතන්නේ.

වර්තමාන රාජ්‍ය නායකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා ආසන්න කාලයේ අවස්ථා දෙකකදී ජපානයට ගියා. ජපන් අගමැති ෆුමිඕ කිෂිඩා මහතා හමුවුනා. ඒවගේම හිටපු අග්‍රාමාත්‍යවරුන් කිහිපදෙනෙක් හමුවුනා. ජපන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීන් හමුවුණා. ජපන් ව්‍යාපාරික සමුළුව ඇමතුවා. ඒවගේම ලෝකයේ අනාගතය තිබෙන ආසියාව පිළිබඳ ඔහු බොහොම වැදගත් කතා කිහිපයක්ම කිව්වා. ආසියාවේ ප්‍රබල රටවල රාජ්‍ය නායකයින් , අමාත්‍යවරුන් හමුවුනා. මම හිතනවා මේ ගමන ප්‍රතිපලදායක වෙයි කියලා.

ජපානය තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඔබත් ජපානයේ අත්දැක්ම් සමුදායක් ලද පුද්ගලයෙක් . ඔබේ අත්දැකීම් සමග ඒ පිළිබඳවත් කතාකළොත්?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ උසස් අධ්‍යාපනය ගැන කතාකරද්දි අපිට විශ්ව විද්‍යාල 16 ක් තිබෙනවා. නමුත් ජපානයේ ටෝකියෝ නුවර විතරක් විශ්ව විද්‍යාල 150 ට වඩා තිබෙනවා. ඒකෙන් වැඩි ප්‍රමාණයක් පුද්ගලික විශ්ව විද්‍යාල. නමුත් අපේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල කියන සංකල්පයම අතිශය විශ්වසනීයත්වයෙන් තොරවුණ මිනිසුන් විරුද්ධවන තැනකට තමයි  යොමුවෙලා තිබෙන්නේ. නමුත් ජපානය කියන රට තුළ නීති ප්‍රතිසංස්කරණ  තුළ ජපානයේ එක්දහස් අටසිය හැට ගණන් වල ඇතිවුණ සමස්ත පරිවර්තනයට හේතුවුනා. ඒ නීති ප්‍රතිසංස්කරණ වලදී ගත්තු නිදහස් ප්‍රතිපත්තිය තමයි වර්තමාන ජපානය බිහිවෙලා තියෙන්නේ. අධ්‍යාපනය ආර්ථිකය විදෙස් ප්‍රතිපත්ති මේ හැමදේම ගැන නීති ප්‍රතිසංස්කරණය කලා. අපේ රටේ ප්‍රතිසංස්කරණවලදීත් මේ අභාශය ලබගනියි කියලා මම හිතනවා. අපිට වෙනස් වෙන්න තිබුණු අවස්තා කිහිපයක් තිබුණා. නමුත් අපි ඒ සියල්ල අතහැරියා. දැන් ආයෙත් අවස්තාවක් අපිට ඇවිත් තිබෙනවා වෙනස් වෙන්න. ඒඅවස්ථාව හරියට භාවිතා කරන්න අපි හැමෝම සුදානම් වෙන්න අවශ්‍ය වෙනවා.

ඒවගේම අපේ විශ්ව විද්‍යාල ගැන කතාකරද්දි මානව ශාස්ත්‍ර හා කළමණාකරන වැනි පීඨවල නිවැරදි කළමණාකාරීත්වයන්  නොමැති නිසා බොහෝ විට ඒවා නඩත්තු මධ්‍යස්ථාන බවට පත්වෙලා තිබෙනවා. ඇත්තටම මේ බදුමුදල් වලට සරිලන ලෙස අපි අපේ ශ්‍රමය , ඥානය අපි කැපකරලා තියෙනවාද කියන ප්‍රශ්න අපිට මතුවෙනවා. මේ රට අනාගතයට යාමට සරිලන ලෙස අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තවම සුදානම් වෙලා නැහැ. එදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇති කළේ ප්‍රතිපාදන බෙදා දෙන්න. අදවන විට අනවශ්‍ය විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් මධ්‍යස්ථානට නඩත්තු මධ්‍යස්ථානයක් වෙලා. මේ යන විදිහට වත්මන් රාජ්‍ය නායකයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලා ඊටවඩා සරල සුගම ක්‍රමවේදයක් ඔස්සේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන විදිහට විශ්ව විද්‍යාල වලට ස්වාධීනව නැගී සිටීමේ අවස්ථාව ලබාදෙන්න යනවා කියලා මට හිතෙනවා. එයත් ජපන් ක්‍රමයක් ලෙසයි මම දකින්නේ. ජපානය ඒසඳහා මුලික වැඩපිළිවෙල ආරම්භකළේ අර මුලින් සඳහන් කළ ප්‍රතිසංස්කරණ වලින්. රාජ්‍ය විශ්ව විද්‍යාල සංකල්පය වෙනම තිබෙනවා, පුද්ගලික විශ්වවිද්‍යාල සංකල්ලපය වෙනම තිබෙනවා. ඒවා නිසි පරිදි නියාමයන වීමත් සිදුවෙනවානම්  අපේ අධ්‍යාපන පද්ධය සැලකිය යුතු ලෙස වර්ධනය කරන්නය පුළුවන්කම ලැබෙනවා. එහෙම කළොත් උසස් අධ්‍යාපනය අයුතු විදිහට ක්‍රියාවේ යෙදවෙන්නේ නැහැ. ජපානයේ අධ්‍යාපනය ලබන විද්‍යාර්තයින්ගෙන්  80.6෴ ම විශ්වවිද්‍යාල, උසස් තාක්ෂණික ආයතන , වැනි කුමන හෝ ආයතනවලට මේ ප්‍රජාව යොමුවෙනවා. මේ සියල්ලම රටේ ව්‍යවසායට දායකවෙනවා. නමුත් අපේ රටේ මේදේ වෙන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපනය සහ ව්‍යවසාය ඒකබද්ධ වෙන්න අවශ්‍යයි. එහෙම උනොත් තමයි ජනතාවට සහන ලැබෙනනේ .උදාහරණයකට එක නගරයක ඉන්ධන පිරවුම්හල් හතරක් තිබෙනවා කියලා හිතන්න. මේ හතර හිමිකාරිත්වය වෙන වෙනම ආයතන හතරක්  යටතේ සිදුවෙන්නේ. නමුත් මෙවා පවතින්න අවශ්‍ය නිසා පාරිභෝගිකයාට සහනශීලීත්වකයක් ලැබෙනවා. එය තමයි ඇතිවෙව්ව අවශ්‍ය දේ. නමුත් අපේ රටේ සිදුවේනේ ඒක නෙවෙයි. ජපානයේ තිබෙන්නේ අවසාන පුරවැසියා දක්වා ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක්. අපේ රටේ බදු සම්බන්ධයෙන් තිබෙන්නේ අකමැති ආකල්පයක්. නමුත් ජපානයේ මිනිස්සු බදු ගෙවන්නේ කැමැත්තෙන්. සමහර නගරවල බෝඩ් ගහලා තියෙනවා “වැඩිම බදු අයකරන බඩු භාණ්ඩ අනේ නගරයෙන්ම මිලදී ගනිමු” කියලා ඒ මොකද බදුවලින් තමයි ඒ නගරය දියුණුවෙන්න්.

ඔබ කැළණිය විශ්වවිද්‍යාලයට ජපන් අභාශය යොදාගත්තාද?

 

මම කැළණිය විශ්වවිද්‍යාලයට  පැමිණියේ 2000 වසරේදී. ජපන් ක්‍රමය මම විශ්වවිද්‍යාලයට ගෙනාවා. අධ්‍යයන අංශයක් විශ්වවිද්‍යාලය තුළ ඇති කළා. ඒසඳහා විවිධ ආධාර සපයාගෙන වැඩසටහන් සාර්ථක කරගත්තා. විදෙස් සිසුන් ගණනාවක් ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යයාපනය හදාරනවා. විශේෂයෙන්ම ඔවුන් හදාරන්නේ අපේ සංස්කෘතිය ආගම භාෂාව වගේ කාරණා. අපි මේගැන අවධානය යොමුකළ යුතුයි. මොකද එයත් ඩොලර් උපයාගන්නා තවත් එක ක්‍රමයක් නිසා.

පපානයේ පාසල් අධ්‍යාපනය ගැන කතාකළොත් ඒරටේ ළමයට තමයි ලියුම ලැබෙන්නේ ඔහුව ළගම පාසලට තෝරාගත්තා කියලා. ළමයි පාසල් යන්නේ පයින්. මුළු රටේම පංති කාමර ඒකසමානයි. සිසුන් ප්‍රමාණය සමානයි. අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයට යොමුවෙනවා. බොහොම සාර්ථකව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙනවා. මෙවැනි සංකල්ප අපි අපේ රටට යොදාගත යුතුයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Previous articleඋද්ධමනය පහළට
Next articleඔබතුමා මට ඉතිහාසය උගන්වනවා ද? මම ඔබතුමාට උගන්වන්න ද? – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here