Home අද කම්කරු කොමසාරිස් ජනරාල්ගෙන් පොලිස්පතිට ලිපියක්

කම්කරු කොමසාරිස් ජනරාල්ගෙන් පොලිස්පතිට ලිපියක්

721
0

කම්කරු නීති ප්‍රතිසංස්කරණය ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පළ කරන අය ගැන පරීක්ෂණ පවත්වන්නැයි කම්කරු කොමසාරිස් ජනරාල් පොලිස්පතිවරයාගෙන්  ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති නමුත් එම අදහස් සලකා බලා නව නීති පද්ධතියක් කෙටුම්පත් කිරීම මෙතෙක් ආරම්භවී නොමැති බවද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පොලිස්පතිවරයා වෙත යොමුකළ ලිපියේ සදහන් කර ඇතැයි වාර්තා වේ.

නව කම්කරු නීති පද්ධතිය සකස් කර අවසන් බවට හා එමගින් කම්කරු අයිතිවාසිකම්වලට අහිතකර බලපෑමක් සිදුවන බවට හැගී යන ආකාරයේ තොරුතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බවද එම ලිපියේ දැක්වේ.

එම ප්‍රචාරයන් නිසා කම්කරු හා වෘත්තීය සමිති අතර කම්කරු දෙපාර්තමේන්තුව කෙරෙහි අවිශ්වාසයක් හා අප්‍රසාදයක් ගොඩනගමින් කම්කරු නොසන්සුන්තාවයක් ඇති කිරීමේ ඉඩකඩක් පවතින බවද මෙම ලිපියේ සදහන් වේ.

එම නිසා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන පුද්ගලයින්ට එරෙහිව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට කම්කරු කොමාසාරිස් ජනරාල්වරයා ඉල්ලීම් කර ඇත.

එම ලිපිය පහළින්

කම්කරු නීති ප්_රතිසංස්කරණ පිළිබඳව සමාජ මාධ්_යන්හි අසත්_ය තොරතුරු හුවමාරු වීම

Previous articleසයිනොපෙක් ලංකාවේ වැඩ අල්ලයි
Next articleඋද්ධමනය පහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here