Home අද සමාජ මාධ්‍ය මම හොරෙක් කියලා මඩ ගහනවා – ගොඩහේවා

සමාජ මාධ්‍ය මම හොරෙක් කියලා මඩ ගහනවා – ගොඩහේවා

699
0

පික්පොකට්කාරයන් හොරකම් කර “හොරා” “හොරා” කියමින් දුවනවිට මිනිස්සුත් නිර්දෝෂී මිනිස්සු පස්සේ පන්නන එක සාමාන්‍ය දෙයක් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී අදහස් ද දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධියට තමා සම්බන්ධ කිරීමට විජයදාස රාජපක්ෂ මහතාට කාලෙක සිට ලොකු වුවමනාවක් තිබූ බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

ආචාර්ය නාලක ගොඩහේවා වැඩි දුරටත් අදහස් දක්වමින්

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් හේතුවෙන් තමාට විශාල අගතියක් වෙලා තියෙනවා. මේ ප්‍රකාශය නිසා සමාජ මාධ්‍ය අද මට මඩ ගහනවා. ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී 2020 වර්ෂයේදී අනතුරට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙනයෑමට මම ඉල්ලීමක් කළා කියලා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ සභාවේදී ඊයේ ප්‍රකාශයක් කළා. මේක සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක්. ඒ වගේම ද්වේශ සහගත ප්‍රකාශයක්. අධිකරණ ඇමතිතුමාම ඒ නියෝගය ඊයේ සභාගත කළා. නියෝගය නිකුත් කරලා තිබුණේ එවකට විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ මහත්තයා. නමුත් විජයදාස රාජපක්ෂ මහත්තයට මේක මදි.ඔහුට ඕන මේකට මාව පටලවන්න.ඒ කාලේ මම වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කතා කරපු වෙලාවේ මේ නැව ගැන නාලක ගොඩහේවා කතා කළයි කිව්වා කියලා විජයදාස රාජපක්ෂ මේ සභාවේදී කිව්වා.

ඔහුගේ ඒ කතාවෙන් පස්සේ මමත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඊයේ කතා කළා. කිසිම අවස්ථාවක ඔයා මට කතා කළේ නැහැ කියලා ඒ වෙලාවේ ඔහු ප්‍රකාශ කළා. ඉතින් මොනවද මේ විජයදාස රාජපක්ෂ කියන්නේ. මේක ලොකු මගඩියක් කියලා කියන්න උත්සාහ දරන්න එපා. ඕනෑම අයකුට හිටපු ජනාධිපතිතුමාට හිටපු විදේශ ලේකම්තුමාට කතා කරලා මේ ගැන දැනගන්න පුළුවන්. මොකක්ද ඇත්ත කියල. මේකට බොරුවට මාව පටලවන්න එපා. මගේ කීර්ති නාමය නැති කරන්න එපා. පහුගිය දවස්වල මම ප්‍රතිත්‍රස්ත පනත ගැන, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය ගැන කතා කළා. ඒ නිසාද මාව මේකට පැටලෙව්වේ.

විජයදාස රාජපක්ෂ ඊයෙ මේ සභාවේදි කිව්වේ නිව් ඩයමන්ඩ් නෞකාව ගැනයි. නමුත් අවාසනාවකට සමහරු මේක එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කියලා පටලවගෙන විවිධ ප්‍රවෘත්ති පළ කළා. මගේ නමත් ඒකට සම්බන්ධ කරගෙන. එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලෙනකොට මම වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති. නමුත් සති කිහිපයකින් මම එතනින් මාරු කරනවා. මොහාන් සිල්වා ඇමැතිතුමා තමයි ඊට පස්සේ කටයුතු කළේ. මේ කමිටුවලට මගේ සම්බන්ධයක් නැහැ. නඩුවක් ප්‍රමාද කළා නම් ඒක කරන්න පුළුවන් වෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවට. මෙතනදී හොයන්න ඕන නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරපු අය කවුද කියලයි. අපි කවදාවත් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා නෑ.

Previous articleමෙරට ඉන්ධන මෙහෙයුම් ඇරඹීමට ‘සිනොපෙක්’ සුදානම්
Next articleප්‍රභාත් ජයසූරිය වාර්තා පොත් අලුත් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here