Home අද ආර්ථික වෙනස්කම් කඩිනමින් නොකළොත් අර්බුදය උග්‍ර වෙයි

ආර්ථික වෙනස්කම් කඩිනමින් නොකළොත් අර්බුදය උග්‍ර වෙයි

556
0

ශ්‍රී ලංකාව මුහුණුදී තිබෙන ආර්ථික අර්බුදයෙන් නැවත යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය මූලික පියවරක් වන අයි.එම්.එෆ්. මූල්‍ය අනුමැතිය පසුගියදා හිමි වූ අතර  ඩොලරයක මිල පහත වැටීමත්, දේශීය රුපියල යම් ප්‍රමාණයකට ශක්තිමත් වීමත් විශේෂ සිදුවීම්ය. අයි.එම්.එෆ්. මුදල් අනුමැතියෙන් පසු කුමක් වේද? හා ඩොලර් මිල ඉහළ පහළ යෑමේ බලපෑම පිළිබඳ දැනුවත්වීම ඉතා වැදගත්ය. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය  චම්පිකා ධර්මදාස මහත්මිය සමඟ මේ කරුණු මුල් කර ගනිමින් පැවැත්වූ සංලාපයකි. •

  • පසුගිය දිනවල මූල්‍ය වෙළෙඳපොළේ ඩොලරයේ වටිනාකම වේගයෙන් අඩු වී යළි වැඩි වීමක් දකින්න ලැබුණා. මේකට හේතුව මොකද්ද?

ඩොලරයක ශක්තිමත් බව තීරණය වනුයේ ඊට පවත්නා ලෝක වෙළෙඳපොළ ඉල්ලුම අනුවයි. ලොව බොහෝ රටවල් තම සංචිත ඩොලර්වලින් පවත්වාගෙන යන නිසා ඩොලර් සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමක්. කොවිඩ් -19 වසංගතය හා රුසියානු-යුක්රේන යුද්ධය නිසා ලෝක භාණ්ඩ වෙළෙඳපොළේ සැපයුම අඩාල වීමත් සමඟ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියා. මේ තත්ත්වය ඇමරිකාව තුළද ඇති වූ බැවින් ඇමරිකාව තුළ උද්ධමනය ඉහළ ගොස් රැකියා වෙළෙඳපොළටද බලපෑම් ඇති කළා. මේ තත්ත්වය පාලනය කිරීමට ඇමරිකානු මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමූ අතර ඒ හේතුවෙන් වෙළෙඳපොළ භාණ්ඩ සඳහා වන ඉල්ලුම පහත වැටුණි. ලෝක ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කළ හැකි ආර්ථිකයක් වන ඇමරිකාව පොලී අනුපාත ඉහළ දැමීමත් සමඟ ලෝකයේ අනෙක් බැංකුද පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කළා. ආර්ථික විද්‍යාවේ මෙය හෝකිෂ්

ප්‍රතිපත්තිය ලෙස හදුන්වනවා. මෙහි මූලික අරමුණ උද්ධමනය පාලනය කිරීමයි. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිපත්තිය නිසා මුදලේ දේශීය අගය ආරක්ෂා වෙනවා. යම් කිසි මුදලක් ශක්තිමත් වෙනවා කියන්නේ ඒකයි. ඩොලරය ශක්තිමත් වීම නිසා බොහෝ ආයෝජකයෝ ඇමරිකාව තුළ ආයෝජනය කිරීමට පෙළඹුණ අතර එමඟින් ඩොලර් සඳහා වෙළෙඳපොළ ඉල්ලුම ඉහළ ගියා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘණාත්මකව බලපෑවා. මොකද ලංකාව ඩොලර්වලින් ගෙවිය යුතු විශාල ණය ප්‍රමාණයක් තිබෙන නිසාත්, ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර්වලින් ගෙවීම් කළ යුතු නිසාත්, ගෙවුම් ශේෂ ගැටලු පැනනඟිනවා. ඩොලරයේ මිල ඉහළ යෑම නිසා තමයි අපේ රටේ ආනයනය පාලනය කිරීමට මහ බැංකුව පියවර ගත්තේ. අනෙක් කාරණය තමයි රට තුළ පවතින අධි උද්ධමන තත්ත්වය, මේ නිසා පොලී අනුපාත ඉහළ දැමීමත් සිදුකළා. ඒ අනුව අපේ රටේ රුපියලත් යම් කිසි ප්‍රමාණයකට අතිප්‍රමාණය වුණා. නමුත් අපිට තිබ්බ ලොකුම ගැටලුව රට තුළ ඩොලර් හිඟ වීම. මේ නිසා මහ බැංකුව සරෙන්ඩර් නීතියක් දාලා තිබුණා

අපනයනවලින් 25% හා අනෙකුත් ක්‍රමවලින් නියමිත ප්‍රමාණයකින් ඩොලර් මහ බැංකුව ගන්නවා කියලා. මෙතැනදී සරෙන්ඩර් නීතිය හරහා ගලාගෙන ආ මුදල් ඔස්සේ දේශීය සංචිත වැඩි කරගැනීමයි මහ බැංකුව කළේ. ඩොලර්වල මිල ඉහළ ගිය නිසා මිනිස්සු ඩොලර් රඳවාගෙන හිටියා තව ඉහළ යයි කියලා. නමුත් පසුගිය මාස කිහිපය තුළ 25% තිබුණු සරෙන්ඩර් නීතිය 10% දක්වා මහ බැංකුව විසින් අඩු කළා. ඇත්තටම මින් සිදු කරන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සැපයුමට අනුව විනිමය අනුපාතය තීරණය වීමට ඉඩ හරින එක. ඩොලර්වලට තියෙන මිල අඩු වෙන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු තවත් මිල අඩු වෙයි කියලා තමන් ළඟ තිබුණු ඩොලර් වෙළෙඳපොළට නිදහස් කළා. ඉන් වෙළෙඳපොළ තුළ ඩොලර් ගැවසෙන ප්‍රමාණය වැඩි වුණා. ඒ වගේම බැංකුවලින් ඩොලර් වෙළෙඳපොළට නිකුත් කිරීමත් ආරම්භ කළා. එතකොට වෙළෙඳපොළේ ඩොලර් සඳහා ඉල්ලුමට අනුව සැපයුම තිබෙන නිසා යම්කිසි ප්‍රමාණයකට රුපියල ශක්තිමත්ව වුණා සහ ඩොලරයේ අගය පහළ ගියා.

  • මේ තත්ත්වය දිගටම තිබුණොත් මොකද වෙන්නේ?

පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගන්න මෙම අතිප්‍රමාණය වීම හොඳයි. නමුත් උද්ධමනය 53%ක වගේ මට්ටමක, තවමත් ඉතා ඉහළ උද්ධමනයක් තියෙන නිසා පෞද්ගලික ආයෝජන ආකර්ෂණය වීම සිද්ධ වෙන්නෙ නෑ. ඒ වගේම ආනයනික භාණ්ඩවල මිල අඩුවීමකුත් සිද්ධ වෙන නිසා ආනයන ප්‍රවර්ධනය වෙන්න පුළුවන්. දැනට පවතින ආනයන සීමා නිසා මේ තත්ත්වය එතරම් බලනොපාන නමුත් අපේ රටේ අපනයන ආදායම සාපේක්ෂ වශයෙන් අඩු නිසා මේ තත්ත්වය දිගුකාලීනව ගෙවුම් ශේෂයට අහිතකරයි. ඩොලර් එකේ මිල අඩුව රුපියලේ වටිනාකම ශක්තිමත්ව දිගුකාලීනව තියාගන්න වෙනත් ව්‍යුහාත්මක වෙනස්කම් මඟින් දේශීය ආදායම් තත්ත්වය යහපත් කළ යුතුයි. එහෙම නැති වුණොත් අපේ රටට ඒක අවාසියි. මොකද අපි අපනයනය හරහා මුදල් සොයන නිසා ඩොලර්වල මිල අඩු වීමෙන් අපනයන ආදායම් අඩු වෙනවා. මොකද ඒ රටවල අපේ භාණ්ඩවලට වැඩිපුර අපිට මුදල් ගෙවනකොට ගන්න භාණ්ඩ ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒක අපේ රටට ගොඩක් අවාසි වෙන්නේ ඩොලර් සංචිතවල හිඟයක් අපිට තියෙන නිසා සහ ගෙවුම් ශේෂ ප්‍රශ්න තියෙන නිසා.

  • ඩොලරය ස්ථාවර අගයක පැවැතීම අපට බලපාන්නේ කොහොමද?

ඇත්තටම ඩොලරය  ස්ථාවර මට්ටමකට ගන්නවා කියන එක අපිට තීරණය කරන්න බැහැ. ඒක තීරණය වෙන්නේ ලෝක වෙළෙඳපොළේ ඩොලර් සඳහා පවතින ඉල්ලුම, සැපයුම අනුව. තවමත් ලෝක වෙළෙඳපොළේ ඩොලර් සඳහා තියෙන්නේ ඉහළ අගයක් සහ ඉල්ලුමක්. ශ්‍රී ලංකාව ගත්තාම උද්ධමනයත් ඉහළ අගයක තියෙන නිසා ආයෝජකයොත් ආකර්ෂණය වෙන්නේ අඩුවෙන්. ඉහළ ගෙවුම් ශේෂයක් තිබීමත්, දේශීය ආර්ථිකය ශක්තිමත් මට්ටමක නොතිබීමත්, දේශපාලන අස්ථාවරභාවයත් රුපියලේ අගය අස්ථාවරභාවයට බලපානවා. අනෙක අපේ රටේ ඩොලර් සංචිත ප්‍රමාණය තවම ප්‍රමාණවත් මට්ටමක නැහැ. රාජ්‍ය ණය ගෙවීම වර්තමානයේ අත්හිටුවා තිබුණට කෙදිනක හෝ නැවත ගෙවිය යුතුයි. මේ නිසා විනිමය අගය ස්ථාවර මට්ටමකට ගේන්න අපිට තව කාලයක් අවශ්‍යයි.

  • ඩොලරයට සාපේක්ෂව දේශීය රුපියල ශක්තිමත් කිරීමට රජය සහ මහ බැංකුව කුමක් කළ යුතුද?

දේශීය මුදල තවදුරටත් ශක්තිමත් කරන්න නම් මහ බැංකුව ඩොලර් වත්කම්වලින් කිසිවක් මිලදී නොගෙන ඉන්න ඕනේ. රටේ විදේශ සංචිත වැඩිපුර තියාගන්නත් අවශ්‍යයි. උද්ධමනය අඩු කිරීමත්, දේශීය අත්‍යවශ්‍ය භාණ්ඩවල සැපයුම ස්ථාවර කිරීමත් සිදු කළ යුතුයි. සැපයුම ස්ථාවර කිරීම කෙටිකාලීනව කරන්න බැහැ. මොකද ඊට නිෂ්පාදනවල ඵලදායීතාව වැඩි කිරීමට අවශ්‍ය නිසා. මේ දේවල් කරන්න තව වසර කිහිපයක් යනවා. මහබැංකු අධිපතිතුමා මේ දක්වා කරගෙන ආපු වැඩපිළිවෙළ හොඳයි. එහි යම්කිසි ප්‍රගතියක් අපිට දකින්න තියෙනවා. ඒවගේම තමයි මහ බැංකුවට කරන්න පුළුවන් මූල්‍ය අංශය හසුරුවන එක විතරයි. නමුත් රජය පැත්තෙන් අනෙකුත් සියලු දේ විය යුතුයි. රජයේ ආදායම් වියදම් කළමනාකරණය, විශේෂයෙන්ම රාජ්‍ය වියදම් පාලනය අත්‍යවශ්‍යයි. දූෂණය නැවැත්වීම, සැපයුම් යාන්ත්‍රලිකරණය කිරීම හෝ ඒවායෙහි කළමනාකරණය ශක්තිමත් කිරීම ඊට නිදසුන්.

ලෝක වෙළෙඳපොළ තත්ත්වය පැත්තෙන් ගත්තාම අපි මොනවා කළත් එහි සිදුවන වෙනස්කම්වලින් යම්කිසි බලපෑමක් ඇති වෙනවා. එකක් තමා අපි භාණ්ඩ අපනයන කළත් ඒ භාණ්ඩ හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්නේ ආනයනය කරලා. ලෝක වෙළෙඳපොළේ අමුද්‍රව්‍ය මිල ගණන් වෙනස්වීම අපිට අහිතකරව බලපානවා. මේ වගේ තත්ත්වයකදී අපනයන භාණ්ඩ විවිධාංගීකරණ කිරීම හරහා අපනයන ආදායමේ අවිනිශ්චිතතාව අවම කරගන්න පුළුවන්. ඒ වගේම දේශීය වශයෙන් සැපයිය හැකි භාණ්ඩවල සැපයුම ස්ථාවර කළ යුතුයි. හැබැයි මේ මොනවා කරන්නත් රටෙහි අභ්‍යන්තර පරිපාලනය ස්ථාවරව තියෙන්න ඕනේ.

  • උද්ධමනය පාලනය කරන්න නම් මහජනතාවගේ පැත්තෙන් මොකක්ද විය යුත්තේ?

මෙවැනි වාතාවරණයකදී මූලිකවම මහජනතාව කරන්න ඕනේ අනවශ්‍ය පරිභෝජනයන්ගෙන් ඉවත් වීමයි. පහුගිය දවස්වල මහ බැංකුව දැනුවත් කළා සමහර භාණ්ඩ මිලදී ගන්න එක නවත්වන්න කියලා. හාණ්ඩවලට තියෙන ඉල්ලුම අඩු කරන්න මහජනතාව කටයුතු කරන එක අවශ්‍යයි. ඒ වගේම සකසුරුවමට හුරු වෙන්නත් ඕන. කුටුම්භ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කරගැනීම අත්‍යවශ්‍යයි.

  • අයි.එම්.එෆ්. මුදල් සඳහා අනුමැතිය ශ්‍රී ලංකාවට හිමිවුණා. ඊළඟට මොකද වෙන්නේ?

අයි.එම්.එෆ්. ණය මුදල සඳහා අනුමැතිය ලැබීම ලොකු පිටිවහලක්. මේ නිසා ඩොලර් සංචිත ඉහළ දමා ගන්න පුළුවන්. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය නොකඩවා කරගෙන යෑමට හැකියාව ලැබෙන අතර කෙටිකාලීනව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීමට හැකියාව ලැබෙනවා. නමුත් රට අඩපණ තත්ත්වයෙන් මුදාගෙන තිරසර ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමට නම් මේ දක්වා ක්‍රියාත්මක කරගෙන ආ දැඩි මූල්‍ය සහ අය-වැය ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරමින් රාජ්‍ය රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීමට අවශ්‍යයි. මෙම ණය මුදලත් සුළු පොලී අනුපාතයට යටත්ව ඇති විස්තීරණ ණය මුදලක්. එයත් ආපසු ගෙවිය යුතුයි. ඒ නිසා රාජ්‍ය ආදායම ශක්තිමත් කරන අතරම දේශීය වශයෙන් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත යුතුයි. මෙම ණය මුදල අනුමත වීම මඟින් ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක විශ්වාසය නැවත තහවුරු කරගැනීමට හැකියාව ලැබෙන නිසා විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට පිටිවහලක් වෙනවා. නමුත් ඒ

ආකර්ෂණය ඇතිකර ගැනීමට පවතින ඉහළ උද්ධමන තත්ත්වය අඩු කර ගත යුතුයි. දැනට සිදු කරන පුරෝකථනවලට අනුව උද්ධමනය 15% ප්‍රමාණයකට අඩු කරගැනීමට මේ මඟින් හැකියාව ඇති බව පැවැසෙනවා. නමුත් දේශීය වශයෙන් ඇති කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සිදු නොකර එවැනි තත්ත්වයන් අපේක්ෂා කළ නොහැකියි. ඒ නිසා රජයේ කාර්යභාරය විය යුත්තේ තිරසර ආර්ථික වර්ධනයකට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගැනීමයි. එසේ නොවුණහොත් මීට වඩා දැඩි අර්බුදකාරී වාතාවරණයක් රට තුළ නිර්මාණය වීම වැළැක්විය

 

 

උපුටාගැනීම -මවුබිම

 

Previous articleරජයේ නොවන අධ්‍යාපන ආයතවලින් උපාධිය ගන්න රජයෙන් පොළී නැතුව ණය
Next articleඛනිජ තෙල් කර්මාන්තයේ තරගකාරිත්වයක් ඇතිකිරීම කෙසේ විය යුතුද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here