Home දේශපාලන ජල සම්පාදන මණ්ඩලයටත් වඩා අඩුවෙන් ජලය දෙන කුලියාපිටිය නගර සභාව

ජල සම්පාදන මණ්ඩලයටත් වඩා අඩුවෙන් ජලය දෙන කුලියාපිටිය නගර සභාව

9438
0

පළාත් පාලන ආයතනයක් සතු එකම ජල පිරිපහදුව සහ ජල සැපයුම ඒකකය අඛණ්ඩව පවත්වාගෙන යාමට කුලියාපිටිය නගර සභාවට හැකිවී ඇති අතර  ජාතික ජල සම්පාදන මණ්ඩලයේ මිලටත් අඩුවෙන් ජලය සැපයීමට මෙම නගර සභාව කටයුතු කරමින් සිටියි.

ඒකකයක් සඳහා අඩුම මිල

නගර සභා සීමාව තුළ සිටින 2200 ට වැඩි පිරිසකට කුලියාපිටිය නගර සභාව විසින් දිනපතා ජල සැපයුම සිදුකරන අතර එහිදී ගෘහස්ත ජල ඒකකයක් රුපියල් 12.00 ට අලෙවි කිරීම සිදුකරයි. ගෘහස්ත ජල ඒකකයක් මේ වසර ආරම්භය දක්වාම රුපියල් 8.00 වැනි මුදලකට පවත්වාගෙන ගොස් තිබීමද විශේෂත්වයකි. ඒ අනුව ජල ඒකකයක් සඳහා අයකරන අඩුම මුදල කුලියාපිටිය නගර සභාව විසින් අයකර ඇති අතර එය ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජල ඒකකයක් සඳහා අයකරන මිලට වඩා අඩු මුදලකි.

ජලයේ ගුණාත්මක භාවය

නගරය තුළ ජල අවශ්‍යතාවය සඳහා උඩුබද්දාව ප්‍රදේශයේන් ජලය ලබාගන්නා අතර ජලය පිරිපහදුවෙන් පසුව සෑම දිනකම ජලයේ  ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නගර සභාව කටයුතු කර තිබේ. එමෙන්ම සතියට අවස්ථා දෙකකදී ජල සාම්පල අනුරාධපුරයෙන් හෝ කොළඹ පර්යේෂාණාගාරවලින් පරීක්ෂා කිරීමට නගර සභාව කටයුතු කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබාගත් තොරතුරු මගින් තහවුරු විය.

ජල සැපයුම

උඩුබද්දාව ප්‍රදේශයේ ජල මුලාශ කිහිපයකින් ජල සැපයුම සඳහා ජලය ලබාගන්නා අතර ජල ඒකකය කුලියාපිටිය නගරයට ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙමගින්  උදෑසන 5.00 සිට රාත්‍රී 8.00 දක්වා ජලය බෙදාහැරීම් කරන අතර පැය 24 අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම නගර සභාවේ අරමුණ බව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය. 2022 වසරේදී මෙම ඒකකයේ පවත්වාගෙන යාම උදෙසා රුපියල් මිලියන 17 ක මුදලක් වැයකර තිබේ. අමතරව යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 04 ක මුදලක් වැයකර තිබේ. මෙම ඒකකය පිරිසිදු ජලය සැපයීමක් වෙනුවෙන් ඒපිළිබඳව අවධියෙන් සහ උනන්දුවෙන් කටයුතු කරන බවද නගර සභාවේ ලේකම්වරයා සඳහන් කළේය. 2023 මේ වසරේ ජල ඒකකය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල මිලියන 23 කි.

 අහිමි වු තාක්ෂණය

පළාත් පාලන ආයතනයක් මගින් සාර්ථකව පවත්වාගෙන යන ජල සැපයුම් ව්‍යාපෘතිය තව දුරටත් වැඩිදියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහ ණය සහන ආධාර ලැබීමේ වැඩසටහනකට කුලියාපිටිය නගර සභාව ඇතුළත්වී තිබු බවත් එය නගර සභාවට අහිමි වු බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී නගර සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.  පසුගිය ආණ්ඩු සමයේදි ඇතිවු ගැටලු කිහිපයක් හේතුවෙන් එම ව්‍යාපෘතිය අහිමි වු බවත් කෙසේ හෝ එය යළිත් ලබාගැනීමේ උත්සයක නගර සභාව නිරතවී සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ ණය සහන සහ තාක්ෂණය ලබාගනිමින් පැය 24 පුරා ක්‍රියාත්මක වන අඛණ්ඩ මෙන්ම පිරිසිදු ජල සැපයුමක් ලබාදීමට නගර සභාව තවදුරටත් කටයුතු කරමින් සිටින බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලාබ නොමැති සේවාව

නගර සභාවේ ජල සැපයුම සඳහා වාර්ෂිකව සිදුකර ඇති වියදම් සහ ජල ඒකක අලෙවි කිරීමෙන් ලබාගෙන ඇති ආදායම් පිළිබඳ විමර්ශනය කර බැලීමේදී මෙම සේවාව මගින් නගර සභාවට ලාබ වාර්තා කර නොමැති බව පැහැදිලිවේ.  මාස කිහිපයක් පාඩු පිට මෙම සේවාව ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් මාස වල වියදම පියවාගැනීමක් පමණක් සිදුකර තිබේ.  ඒසේ උවද ජල  ඒකකයක මිල වැඩිකිරීමට නගර සභාව කටයුතු කර නොතිබු අතර උද්දමනය වැඩිවීමත් සමග ජල ඒකයක මිල සුළු වශයෙන් ඉහළ දැමීමට නගර සභාව කටයුතු කර තිබුණි. මෙතෙක් රුපියල් 100 ක් ව පැවති ස්ථාවර ගාස්තුව ජල ගාස්තු සංශෝධනයේදී රුපියල් 200 දක්වා ඉහළ දමා තිබේ.

නගර සභාවේ ලේකම්වරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී හෙතෙම පැවසුයේ නගර සභාව මගින් ජල සැපයුම සිදුකරන්නේ ලාභ අපේක්ෂාවකින් නොවන බවය. කෙසේවෙතත් නගර සභාව සැලසුම්කර ඇති පරිදි නව තාක්ෂණය ඉතා ඉක්මණින් ජල සැපයුම් පද්ධතියට එක් කරගැනීමට හැකිඋවහොත් නගර සභාවේ ජල සැපයුම ලබා ලබන තත්වයට පත්කළ හැකි අතර අඛණ්ඩ ජල සැපයුමක් බවට ද පත්කළ හැකි බව ලේකම්වරයා සඳහන් කළේය.

නගර සභාවේ ජල ඒකකය මිල වෙනස් වී ඇති අයුරු

වර්ගය පෙර මිල

(රු)

සංශෝධිත මිල (රු)
01 ශෘහස්ත 8.00 12.00
02 ව්‍යාපාර 14.00 20.00
03 රාජ්‍ය 14.00 20.00
04 ආගමික 6.00 8.00
05 ඉදිකිරීම් 75.00 100.00

අඩු මිලට ජල සැපයුමක් සිදුකිරීම ජනතාවට පහසුවක් වන අතර එමගින් බදු ගෙවන ජනතාවට සාධාරණයක් ඉටුකිරීමට නගර සභාව කටයුතු කර තිබේ. රටේ අනිකුත් ප්‍රදේශවල ජල සැපයුම සිදුකරන ජල සම්පත් මණ්ඩලයටද කුලියාපිටිය නගර සභවේ ජල සැපයුම් ඒකකය ආදාර්ශයක් ලබාදී ඇත.

  • චාමර සම්පත්

 

 

 

 

 

Previous articleලබන මාසයේ ඉන්ධන මිල අඩුකිරීමට යයි
Next article‘මම වැටුනත් රට වට්ටන්නෙ නෑ’ – IMF කාර්ය මණ්ඩල වාර්තාව සභාගත කරමින් ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here