Home අද ඩොලර් අර්බුදය අවසන් – IMF පළමු වාරිකය අඟහරුවාදා

ඩොලර් අර්බුදය අවසන් – IMF පළමු වාරිකය අඟහරුවාදා

760
0

ඩොලර් අර්බුදය අවසන් බවත් අත්‍යාවශ්‍ය අංශ වෙනුවෙන් ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව පවතින බව මහ බැංකු අධිපති ආචර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවිසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම වෙනුවෙන් වූ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අද දිනයේදී ලැබෙනු ඇති බවත් ඒ හරහා ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිදියුණුවීම, තවත් අරමුදල් වෙනුවෙන් දොරටු විවෘත වීම, ආයෝජන පැමිණෙනු ඇති බවත් ඔහු මෙහිදී කියා සිටියා.

එසේම ශ්‍රී ලංකාව සඳහා වන ණය මුදල අනුමත කිරීමෙන් පසු පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 390 කට ආසන්න මුදල් පළමු වාරිකය ලෙස අඟහරුවාදා ලැබෙනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය පැවැත්වෙන විට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්චා අවසන් කිරීමට සිදුවෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

IMF පහසුකම ක්‍රියාත්මක වූ පසු, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව හරහා අයවැය හිඟය පියවා ගැනීම වෙනුරවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 පමණ ණයක් ලබාගැනීමට අවස්ථාව ඇති වන බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසීය.

මේ වසරේ දෙවන භාගයේ සිට ආර්ථික ප්‍රකෘතිය ආරම්භ වනු ඇති බවද ශ්‍රී ලංකාවට ධනාත්මක ආර්ථික වර්ධනයක් 2024දී ලබා ගත හැකිවනු ඇතැයි ඔහු පවසයි.

Previous articleඅලුතින් එන සැහැල්ලු දුම්රිය සඳහා කොළඹ දුම්රියපොළවල් 16ක්
Next articleපළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් යටතට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here