Home අද රුපියල ශක්තිමත් වුනේ ඩීල් වලින් නෙමෙයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

රුපියල ශක්තිමත් වුනේ ඩීල් වලින් නෙමෙයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

775
0

වර්ථමානයේ රට යම්කිසි ස්ථාවර භාවයකට පැමිණ ඇති බවත් එය පිළිනොගැනීමට තරම් කුහක නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහතා මේ බව කියා සිටියා.

වෙළදපොළේ රුපියල ශක්තිමත් වී ඇත්තේ කිසිඳු ඩීල් එකකින් නොවන බවත් වෙළඳපොළේ වත්මන් ක්‍රියාකාරිත්වය හේතුවෙන් එලෙස රුපියල ශක්තිමත් වී ඇති බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.

රටේ ආයෝජන අවස්ථා තවදුරටත් අහුරමින් ආර්ථිකය සංවෘත කරමින් තවදුරටත් ඉදිරියට ගමන් කරන්නේද එසේත් නොමැතිනම් ලෝකයට රට විවෘත කරමින් ලෝක ආර්ථිකය හා රට එකතු කරන්නේද යන තීරණ දෙක දැන් රට හමුවේ ඇති බව කියා සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා තමන්ගේ අදහසනම් මේ රට යා යුත්තේ ලෝකයට එකතු කරන මාවතේ බව ඔහු කියා සිටියා.

Previous articleරජය ආර්ථිකය සම්බන්ධයෙන් ගත් පියවර ඉතාම කාලෝචිතයි
Next articleවැඩියෙන් වැඩ කළොත් අඩු කාලයකින් ගොඩ යන්න පුළුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here