Home අද සජිත්ගේ කලිසම ගලවමින් අනුර කළ අභියෝගය

සජිත්ගේ කලිසම ගලවමින් අනුර කළ අභියෝගය

554
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තමන් සමඟ ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවෘත විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ 09 දා පෞද්ගලික නාලිකාවක පැවති වැඩසටහනක් අතරතුරදියි.

මේ වනවිට ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය පවත්වනු ලබන සෑම මාධ්‍ය හමුවකදීම, ජනහමුවකදීම පාහේ පක්ෂ දෙකෙහිම සාමජිකයින් එකිනෙකාට මතවාදීව සහ ඔවුන්ගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පහර එල්ල කරමින් සිටින බව දැකගන්නට ලැබෙනවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී අනුර කුමාර දිසානායක පවසා සිටියේ සජිත් ප්‍රේමදාස යනු එතරම් ගණන් ගතයුතු පුද්ගලයකු නොවන බවත් ඔහු විසින් කරනු ලබන විනාඩි 90ක කතාවක විනාඩි 3ක් තරම් සුළු කොටසක් පමණක් වන බවයි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් ඔහු තරඟ කිරීමට කිසිවකුට නොහැකි බවට ප්‍රකාශයක් කර ඇති අතර ඔහුට සංවර්ධනය කුමක්ද කියාවත් වටහෙනවද යන්න සම්බන්ධයෙන් ඔහුට ගැටළුවක් ඇති බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඔහු හා ප්‍රසිද්ධ විවාදයකට තමන් සුදානම් බවත් එම අභියෝගය තමන් බාර ගන්න බවත් ඔහු මෙහිදී කියා සිටියා.

මෙයට හේතු වී තිබුනේ මීට පෙර නුගේගොඩදී පැවති ජන හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් තමන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන්ට සුපිරි විශ්වාසයක් ඇති බවත් සංවර්ධනය සම්බන්ධයෙන් කිසිවකුට තමන් සමඟ තරඟ කල නොහැකි බවට කළ ප්‍රකාශයක්

සජිත් ප්‍රේමදාස සමඟ කරනු ලබන විවාදයෙන් අනතුරුව සමගි ජන බලවේගයේ අනිකුත් සාමාජිකයින් විසින් කරනු ලබන ආර්ථික දැක්ම පිළිබඳ විවාදය සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාවක් ඇති බවත් නමුත් ඊට ප්‍රථමයෙන් සජිත් ප්‍රේමදාස තමන් සමඟ විවාදයට පැමිණිය යුතු බවත් නොහැකිනම් ලිඛිතව එයට හේතු දක්වා කරුණු දැක්වීමක් කිරීමට කටයුතු කල යුතු බවට ඒ මහතා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

අනුර කුමාර මහතා සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙතැනින්

Previous articleපුදුම හිතෙන රජයේ රෝහලක්
Next articleමැතිවරණය පමණක් ඉල්ලන්නේ රට ගැන හිතන්නේ නැති පක්ෂ –  මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here