Home අද ආණ්ඩුව විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට දාපු තුරුම්පුව

ආණ්ඩුව විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට දාපු තුරුම්පුව

753
0

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති සියයට 70ක ඉලක්කය ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීම සහ කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා යෑම යන ඉලක්ක සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

පුනර්ජනනීය බලශක්ති සියයට 70ක ඉලක්කයක්

ආරම්භක මට්ටමේ ව්‍යපෘති ගණනාවක් තිබුනත්, සාකච්ඡා විශාල ප්‍රමාණයක් සිදු වුවත් මුහුදු රළ, හිරු එළිය, සුළං, ජීව වායු වැනි අප රටට නොමිලේ ලබාගත හැකි සම්පත් වලින් මෙතෙක් නිසි ප්‍රයෝජන ගෙන නොමැති හෙයින් පුනර්ජනනීය බලශක්ති සියයට 70ක ඉලක්කය ළඟා කර ගැනීමට මෙලස පියවර ගැනීම ඉතාම යහපත් ප්‍රවණතාවක් බව විචාරකයන්ගේ මතය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති බව වර්තා වනවා.

සැළසුම්

සහනදායී දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳපො, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි අනාගත බලශක්ති ප්‍රභව පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත්කළ සෝල්හෙයිම් මහතා සිය ජාත්‍යන්තර දැනුම එම සාකච්ඡාවට එක්ව සිටි නිලධාරින් සමග හුවමාරු කරගෙන තිබෙනවා.

ඉන්දීයාව හා චීනය වැනි රටවල් පුනර්ජනනීය බලශක්තියෙන් ප්‍රබල වාසි රැසක් හිමි කර ගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ද එම වාසි අත්කර ගත හැකි බව සෝල්හයිම් මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා..

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට බලපා ඇති සියලු ප්‍රශ්න විසඳනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද ඔහු එහිදි කියා ඇති බව වාර්තා වනවා.

ජනපතිගේ දැක්ම

2022 ඔක්තෝම්බර් මස ජනාධිපති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව වන “කෝප් 27” සමුලුවටද එක්වෙමින් ජනාධිපති දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන පාරිසරික වෙනස්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු කළා

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව වන “කෝප් 27” සමුලුවට සහභාගී වීමට පෙර ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස එරික් සෝල්හයිම් පත්කළ අවස්ථාවේ රට තුළ ඒ සම්බන්ධයෙන් සෘනාත්මක ප්‍රතිචාර බොහොමයක් පළවුවත් මේ වනවිට එම පත්කිරීම රටට වාසිදායක වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

පුනර්ජනනිය බලශක්ති අංශය වේගයෙන් වර්ධනය වන අංශයක් වන බැවින් යුරෝපා, අමෙරිකා, කැනඩාව ඇතුළු රටවල එවැනි ආයෝජකයින් විශාල වශයෙන් සිටින බව එම සාකච්ඡාවට එක්වෙමින් රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර ඇති අතර පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ සමුළුවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවත් එමගින් ආයෝජකයින් අප රටට ආකර්ශනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

විදෙස් ආයෝජන මෙරටට පැමිණීමේදී රට තුළ ඇති විවිධ බලවේග එයට විරුද්ධව කටයුතු කිරීමට උත්සහ කලත් මෙමඟින් රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලැබීමට ඇති හැකියාව ඉහළ මට්ටමක පවතින අතර ගල් අඟුරු සහ ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර විනාශයද මෙමඟින් අඩුවනු ඇත.

එමඟින් වර්ථමානයේ ගල් අඟුරු සහ ඉන්ධන සඳහා වැයවෙන විශාල විදෙස් මුදල් ප්‍රමාණයක් රට තුළ ඉතුරු කරගැනීමට හැකි වනවා මෙන්ම එය මෙරට අධ්‍යාපනය සෞඛ්‍ය වැනි අංශ වල උන්නතිය සඳහා භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Previous articleරට ගොඩගන්න දායක වන එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ආණ්ඩුව කරන්න යන දේ
Next articleගොවි පවුල් වලට සහනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here