Home අද අරගල භුමිය සැණකෙළි භුමියක් වෙයි

අරගල භුමිය සැණකෙළි භුමියක් වෙයි

701
0

මීට මාස කිහිපයකට පෙර අරගල භුමියක් බවට පත්ව තිබු ගෝල්ෆේස් පිටිය මේවනවිට සැණකෙළි භුමියක් බවට පත්ව තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන කිහිපයක් එක්ව ගෝල්ෆේස් පිටිය ප්‍රදේශය තුළ නත්තල් සමය වෙනුවෙන් නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළියක් පැවැත්වීම හේතුවෙනි.

නත්තල් අසිරිය විඳ ගැනීමට ජනතාවට අවස්ථාවක් සලසා දෙමින් මෙය සංවිධානය කර තිබෙන අතර ජාති, ආගම් බේදයකින් තොරව අති විශාල ජනතාවක්  එහි ආරම්භක දිනය වු ඊයේ ජනාධිපති කාර්යාලය අවට සහ කොළඹ ගාලු මුවදොර පිටියට රැස්ව සිටියා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ගායන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසගංයක් ද ඊයේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර ඒය නැරඹීමට ජනාධිපතිවරයාද එක්ව සිටියා. ඒ අසළ ඇති මහාමාත්‍ය ඩී.එස්. සේනානායක පිළිරුව අභියස පඩි පෙළේ ජනාධිපතිවරයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරු සමග අසුන්ගෙන  නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹා තිබුණා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ තූර්ය වාදන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් තූර්ය වාදන සංදර්ශනයක් ද මෙහි පැවැත්වීමට සැළසුම්කර ඇති අතර , එම සංදර්ශණය සහ සැණකෙළි භූමියේ ඉදිකර ඇති විශාල නත්තල් ගස දැක බලා ගැනීමේ අවස්ථාව මහජනතාවට උදා වේ.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය දෙසැම්බර් 23 වනදා දක්වා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වෙන අතර කිසිදු බාධාවකින් තොරව ජනතාවට නිදහසේ ගෝල්ෆේස් පිටියට පැමිණ සැණකෙලියට එක්වීමට හැකියාව තිබේ.

සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල එක්ව මෙම විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය සංවිධානය කර ඇත.

Previous articleඅයවැය යෝජනා පුස්සක් නොවන්නට
Next articleතවත් පොහොට්ටුවේ බල කණුවක අයවැය පරාදයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here