Home අද බදු මුදල් කාබාසිනියා කරන බෞද්ධ හා පාලි සරසවියේ ඇත්ත “දෙරණ” හෙලිකරයි

බදු මුදල් කාබාසිනියා කරන බෞද්ධ හා පාලි සරසවියේ ඇත්ත “දෙරණ” හෙලිකරයි

701
0

හෝමාගම පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි සරසවිය තුළ අතිශය දරුණු සහ අමානුශික ලෙස නවකවදය ක්‍රියාත්මක වන අතර පාලන අධිකාරිය ට එය නවත්වාගැනීමට නොහැකි තත්වයට පැමිණ තිබේ. මේ පිළිබඳව සියලු කරුණු “දෙරණ” නාලිකාවේ “උකුස්සා” වැඩසටහන තුළින් අනාවරණය කළ අතර  ඒ හේතුවෙනේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය දැඩි ලෙස කලබල වී සිටියි.

1982 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලය ස්ථාපනය කර ඇත්තේ බෞද්ධ දර්ශනය ව්‍යාප්ත කිරීමෙ අරමුණෙන් උවද මේ වනවිට එම අරමුණ ඉටුකරගැනීමට පාලන අධිකාරියට නොහැකි වී ඇත. මේතුළ අධ්‍යාපනය ලබාගැනීම වෙනුවට ශිෂ්‍ය භික්ෂුන් විසින් පාලන අධිකාරියට තර්ජනය කරන තත්වයට වර්තමානයේ විශ්ව විද්‍යාලය පත්ව ඇති බව උකුස්සා වැඩසටහනින් මේ පිළිබඳ පැහැදිලි කරුණු අනාවරණය කරන ලදී.

එම වීඩියෝව පහතින්..

අමානුෂික නවකවදය

විශ්වවිද්‍යාලය තුළ නවකවදය අතිශය අමානුෂික ලෙස සිදුවන අතර මේ සම්බන්ධයෙන් විස්තර හෙළිකළහොත් මරණය පවා සිදුකරන බව ජේෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් විසින් නවක ශිෂ්‍ය භික්ෂුන්හට තර්ජනය කර ඇත. භික්ෂු විශ්වවිද්‍යාලයේ සිදුවන නවකවදය සම්බන්ධයෙන් පළමු වසර ශිෂ්‍ය භික්ෂුවක් මෙලෙස කරුණු කියා තිබුණි,

“හරියට වධකාගාරයක් හා සමාන තැනක් තමයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළ අමානුෂික විදිහට නවක වදය සිද්ධ වෙනවා.  කුඩු ගංජා අයිස් අරක්කු මේ හැමදේම මේකේ තියෙනවා. නවක සිසුන්ට ලිංගික අඩත්තේට්ටම් කරනවා. හැම කෙනෙක්ටම මත්ද්‍රව්‍ය පානය කරන්න බලකරනවා. ශිෂ්‍ය සංගමයේ සභාපති තමයි මේ සඳහා වගකිවයුතු ම කෙනො. මේ කාරණා එළියට ගියොත් මරණවා කියලා ඔවුන් අපිට තර්ජනය කරනවා. ඒවගේම වාමාංශික පක්ෂ කිහිපයක බලපෑම මේ විශ්වවිද්‍යාලය තුළ තිබෙනවා. එය හරිම කරදයක්”

ප්‍ර‍දේශවාසීන්ගෙන් චෝදනා

විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළ සිදුකරන කටයුතු හේතුවෙන් ප්‍රදේශවාසීන්ට දැඩි අපහසුතාවයක් සිදුවන බැවින් මේ පිළිබඳව සොයා බලන ලෙස ප්‍රදේශවාසීන් පාලන අධිකාරියට අවස්ථා කිහිපයකදී පැමිණිලි කර තිබේ. එසේ උවද එම කටයුතු නවත්වාගැනීමට පාලන අධිකාරිය අපොහොසත්වී තිබිණි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර සමහර සිසුන්ගේ පංති තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පිඨාධිපති පුජ්‍ය ඉදුවත්තේවල ධම්මරතන හිමියෝ සඳහන් කර තිබුණි. මුලික පියවරක් ලෙස හෝමාගම පොලීසියේ පැමිණිල්ක් දමා ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

 

ශිෂ්‍ය සංගමය ඇවිස්සෙයි

දෙරණ නාලිකාව සිදුකළ අනාවරණය සමග බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය හෝමාගමදී විරෝධතාවක් සිදු කළේය. එහිදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරන භික්ෂුන්වහන්සේලා සඳහන් කළේ  එමගින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ නිදහසට බාධාකරන බවය.

මීදැල්ලෑවේ සීරරතන ශිෂ්‍ය හිමි – “ටීවි දෙරණ උබලා දැක්කේ මේක විතරද?. බලහත්කාරයෙන් මේ කරන ශිෂ්‍ය මර්දනය කිරීම අපි තරයේ හෙලා දකිනවා. “

තලාවේ ධම්මික ශිෂ්‍ය හිමිමේක පාලනය කරන බලධාරීන්ට අපි මතක් කරනවා මේ විදිහේ ශිෂ්‍ය මර්දනය කරලා කරන කටයුතු වහා නතර කරනු . නැතිනම් අපි අරගල කරලා ශිෂ්‍ය නිදහස වෙනුවෙන් සටන් වදිනවා.  යැයි මෙම භික්ෂුන්පිරිස විරෝධතාවයේ නිරතවන්නට විය.

එයට අදාළ විඩියෝව පහතින්…

පොලිසියට පහරදීමට ගිය භික්ෂුව

උද්ගෝෂණය සිදුකරන අතර මාර්ගය අවහිර නොවන ලෙස උද්ගෝෂණයේ නිරතවන ලෙස පොලීසිය දැනුම්දුන් අතර එහිදී පොලිස් නිලධාරීයෙකුට පහරදීමට භික්ෂුවක් කටයුතු කරදී තිබුණි.

නවක වදය ගැන පැමිණිල්ලක්

විශ්වවිද්‍යාලයේ සිදුවන නවකවදය සම්බන්ධයෙන් සිසුවෙක් සහ මවක් විශ්වවිද්‍යාල පාලන අධිකාරියට ලිඛිතව පැමිණිල්ලක් කර තිබේ. එහි මෙසේ සඳහන්ය,

මම කැම්පස් ආවේ ඉගෙන ගන්න. ඒත් පළමු සෙමෙස්ටර් එකත් හොදටම ඇනගත්තා. පාඩම් කරන්න මානසිකත්වයක් නැහැ. පාඩම් කරන්න වෙලාවක් නැහැ. ආපු දවසේ ඉදන්ම දුක විතරයි. අම්මයි මායි විතරයි ඉන්නේ. මෙතන මහ දුකක් විදිනවා. යනුවෙන් එහි සඳහන්ව තිබුණි.

පීඨාධිපති හිමියන්ගෙන්ද පැමිණිල්ලක්

විශ්වවිද්‍යාලය තුළ සිදුවන නොමනා ක්‍රියා සම්බන්ධයෙන් පීඨාධිපති ඉලුකේවල ධම්මරතන හිමියන් විසින් මහෝපාධ්‍යාය වහන්සේට ලිපියක් යොමුකර ඇත අතර උන්වසන්සේ මෙසේද සඳහන් කළේය,

“මේ තත්වය උඩ විශ්ව විද්‍යාලයේ නේවාසික සිසුන්ගේන් මරණීය තර්ජන පවා එල්ල වෙලා තිබෙනවා . මේ නිසා  පාඨමාලාවන් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා නවක වදය නතරකරගැනීම අතිශයින්ම අවශ්‍යයි. අද වෙනකොට ශිෂ්‍යයින් ආචාර්යවරුනට කතාකරන ආකාරය ආචාර්යවරුන් ඉදිරියේ හැසිරෙන ආකාරය ඉතාම කණගාටුදායකයි. මේ ගැන සිසුන් බොහොමයක් පැමිණිලි කර තිබෙනවා. බොහොදෙනෙක් විශ්වවිද්‍යාලය අතහැර ගියා. මේ නිසා පොලිසිය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධව නවක වදය නැතිකරගැනීමේ උස්සහයක අපි නිතරවෙලා ඉන්නවා.”යැයි සඳහන් කළය.

නිරුත්තර වු ශිෂ්‍ය සංගමය

 මේක විශ්වවිද්‍යාලයක් තොපි බුදුන් වදින්න ආවෝත් භාවනවා

විශ්වවිද්‍යාලයේ තත්වය සම්බන්ධයෙන් අරුණ පුවත්පත වාර්තා කර තිබුණේ මෙසේය,

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යනු මහජන බදු මුදලින් ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් වෙනුවෙන් සියලු පහසුකම් ඒ තුළ සපයා ඇත. 
ඉදිරි 2023 වසර සඳහා ද අයවැය මගින් මෙම විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා රුපියල් මිලියන 555 ක් වෙන්කර තිබේ.
එසේ උවද එම බදු මුදල් භාවිත කරමින් අධ්‍යාපනය හදාරණවා වෙනුවට මහජන මුදල් කාබාසිනියා කරමින් වදකාගාර පවත්වාගෙන යන ශිෂ්‍ය සංගම් සහ මෙම චීවරධාරීන් වෙනුවෙන් නීතිය ක්‍රියාක්මක කිරීම මේ තරම් මන්දගාමී වන්නේ ඇයි ද යන්න බදුගෙවන ජනතාව ප්‍රශ්න කරමින් සිටිති.
Previous articleජනතාවට, ජනපති රනිල් හොඳ වෙයි – සමීක්ෂණ වාර්තා කියයි
Next articleපාසල් අවට හදිසි සෝදිසි මෙහෙයුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here