Home අද ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

598
0

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (13) පෙරවරුවේ ඔහු අභාවපාප්‍රාප්ත වී ඇති බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් සඳහන් කර තිබෙනවා.

සිය නිවසෙහි සිටියදී සිදු වූ හදිසි අනතුරකින් නිහාල් නෙල්සන් ගායන ශිල්පියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වර්ෂ 1946 ජනවාරි මස 09 වැනි දින මොරටුවේ දී නිහාල් නෙල්සන් මෙලොව එළිය දුටුවා.

ඔහු අධ්‍යාපනය ලැබුවේ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයෙන් හා මොරටු මහා විද්‍යාලයෙන් .

සිංහල සංගීත ලොවේ බයිලා ගායකයෙකු ලෙස කරළියට පැමිණි නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කිරි දුන්නේ දරුවන්ටයි, කාවඩි බයිලා,ලස්සනට පිපුණු වනමල්,කරුණා සුවඳ, සල්ලි මිටි ගණන්” ආදී ජනප්‍රියතම ගී රැසක් ඔහුගේ හඬින් ගැයුණා.

අභාවප්‍රාප්ත වන විට ගායන ශිල්පී නිහාල් නෙල්සන් 76 හැවිරිදි වියෙහි පසුවූවා.

Previous article‘කලබල නොවී තව ටික දවසක් හිටියනම්, ආර්ථික අර්බුදය විසඳනවා’ – බැසිල්
Next articleවිශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ජනපති ආරක්ෂක අංශවෙත ලබාදුන් උපදෙස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here