Home අද ජර්මානු රජයෙන් මිලියන 81 ක ජලභීතිකා  එන්නත්

ජර්මානු රජයෙන් මිලියන 81 ක ජලභීතිකා  එන්නත්

672
0

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 81 ක් වටිනා ජලභීතිකා රෝගය සඳහා වන එන්නත් තොගයක් ජර්මානු රජය විසින් අද (12) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ජර්මානු රජයේ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍යාංශය (BMZ)  යටතේ වන  GIZ Sri Lanka වැඩසටහනේ අධ්‍යක්ෂ නිකලස් ලමාඩේ (Nicolas Lamade)  මහතා විසින් නිල වශයෙන් භාර දෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා GIZ Sri Lanka වැඩසටහනේ උපදේශක අෂ්රෆ්  සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 සහ ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන්ද සහභාගි විය.

Previous articleපොලීසියටම වෙන්වු උපාධියක්
Next articleආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here