Home අද ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

663
0

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

ධම්මික ගනේපොළ සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැණින.

පෙත්සම් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා සහ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය හදිසි නඩු කටයුත්තක් ලෙස සලකා කඩිනමින් විභාග කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම අදාළ විරෝධතා තිබේ නම් ජනවාරි මස 13 වනදාට පෙර ගොනුකරන ලෙස ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළා.

පෙත්සම ඉදිරිපත් කර ඇති ඕෂල හේරත් එහිදී කියාසිටියේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍යය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවයි.

Previous articleපලාලි ගුවන් ගමන් යළිත් අද සිට
Next articleවායු දුෂණයේ අලුත්ම තත්වය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here