Home අද දෙමළ මන්ත්‍රීවරුන්ට කුණු තක්කාලි ප්‍රහාරයක්

දෙමළ මන්ත්‍රීවරුන්ට කුණු තක්කාලි ප්‍රහාරයක්

536
0

දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රූප වෙතට ඊයේ (11දා) දින වව්නියාවේදී කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ල කොට විරෝධතාවක නිරත වීමට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් පියවර ගෙන තිබුනා.

වව්නියාව තැපල් කාර්යාලය අසල අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් තමන්ට විසඳුම් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 2120 පිරීම හා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් මෙම විරෝධාතාවය සංවිධානය කොට තිබුණි.

දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ඇතුලු සෙසු සාමාජිකයින් ජනාධිපතිවරයා හමුවීමේදී සහ ජාත්‍යන්තරය හමුවේ උතුරු නැගෙනහිර යුද්දයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් කිසිදු අයුරකින් මැදිහත් වීමක් නොමැතිව කටයුතු කිරීම දෙමළ ජනතාව රැවටීමක් බව පවසා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවයෙන් අනතුරුව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දෙමළ දේශපාලඥයින්ගේ රූප ඇතුලත් බැනර් කිහිපයක් වෙතට කුණු තක්කාලි වලින් පහර දී සිය විරෝධය පල කිරීමද විශේෂත්වයකි.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන්, ප්ලොට් නායක ටී.සිද්ධාර්තන්, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරෙස් ප්‍රේමචන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයික්කලනාදන්, එම්.ඒ. සුමන්දිරන්, එස්.ශ්‍රීධරන්, විනෝ නෝහාරාධලිංගම් යන මන්ත්‍රීවරුන්ගේ රුව ඇතුලත් බැනර් වෙතට මෙලෙස කුණු තක්කාලි ප්‍රහාර එල්ල වී තිබුණි.

Previous articleනැගෙනහිර පාසල් වලට චීනයෙන් සෝලා ලයිට් 
Next articleපලාලි ගුවන් ගමන් යළිත් අද සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here