Home අද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිට ජනපතිගෙන් දෝස්මුරයක්

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිට ජනපතිගෙන් දෝස්මුරයක්

818
0

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනතාව නොමග යවන බවත් ඔහුව ඉදිරියේදී හමුවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු පිළිබඳවත් ඔහු කළ ප්‍රකාශ පිළිබඳවත් තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් පනත අනුව බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ජනපතිවරයා සඳහන් කළේය.

“මේකේ බලය තියෙන්නේ කැබිනට් එකටයි ඇමතිතුමාටයි.මමයි මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත හැදුවේ. ඒහි බලතල මම දන්නවා. මේක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ.

මම දන්නේ නෑ ඇයි ජනතාව නොමග යවන්නේ කියලා. මේ සභාපතිතුමාව හමුවෙන්න තියෙනවා. මට දැන් ඒතුමා ගැනත් කරපු ප්‍රකාශ ගැනත් පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා.

මෙයා කියනවා විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. කොහොමද ආර්ථිකය ගෙන්වන්නේ. එතුමට ඒ ගැන බලයක් නෑ. එතුමට තියෙනවා ව්‍යාපාර විදුලි බිල වැඩිවුණාම එතුමගේ වියදම් වැඩිවෙනවා.

එතුමට කියන්න තිබුණේ, ‘මට මේක බලපානවා. මම ට්‍රිලියම් සමාගමේ සභාපති මේක වැඩිවුණොත් මට බලපානවා. ඒ් නිසා මම මේ රැස්වීමට එන්නේ නෑ’ කියලා. මේකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි.

මන්ත්‍රීවරුන් තීරණය කරන්න ඕන මොකද කරන්නේ කියලා. මේ වගේ හිතලා ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ජනතා කොමිෂමක සභාපති ලෙස ඔබ දැන ගන්න ඕන කොහොමද හැසිරෙන්නේ කියලා. ඒච්චරයි මම කියන්නේ. මටත් එහෙම එකක් තිබුණනම් මමත් කැමති නෑ විදුලි බිල වැඩි කරන්න. මට දැන් ගෙයක් නෑ.”

Previous article“මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි” – වෛද්‍ය අනිල් ජාසිංහ
Next articleපාසල් විෂය මාලාවට කෘත්‍රීම බුද්ධිය (AI) එක් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here