Home අද ලබන වසරේ සිට හිඟයකින් තොරව ඖෂධ

ලබන වසරේ සිට හිඟයකින් තොරව ඖෂධ

528
0

මෙරට සෞඛ්‍ය පද්ධතිය සදහා එළඹෙන වසර වන විට හිගයකින් තොරව ඖෂධ ලබාදීමට හැකිවෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. ඒ සදහා කෙටි කාලීන, දිගු කාලීන හා මාධ්‍ය කාලීන වැඩපිළිවෙළ රැසක් ගෙන ඇතැයිද එමෙන්ම විවිධ අංශ ඔස්සේ ඉදිරියට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා කීය.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ ඖෂධ ගැටලු රැසක් මග හරවා ගැනීමටද හැකි වෙතැයි ඒ මහතා පෙන්වා දෙයි.   සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා –

මෙරටට   ජීවිතාරක්ෂක ඖෂධ 14 ම රට තුළ පවතී. ඒමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 683 අතරින් 151 ක හිගයක් වෛද්‍ය සැපයුම් අංශයේ පැවතියද රෝහල් පද්ධතිය තුළ එම හිගය ඖෂධ 22 දක්වා අඩුව තිබේ. මෙම ජීවිතාරක්ෂක ඖෂධ 14 අතරින් 02 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන අතර විශේෂයෙන් මේ වන විට දේශීයව නිෂ්පාදනය කරන අනෙකුත් ඖෂධ වැඩි වශයෙන් රෝහල් හා සායන කටයුතු වලදී බෝ නොවන රෝග , හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය හා ගර්භණී මව්වරුන්ගේ විටමින් සදහා භාවිතා කරයි.

ජීවිතාරක්ෂක ඖෂධ හා අත්‍යවශ්‍ය ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට උපරිමයෙන් රැස් කර තබා ගැනීම අපේ අරමුණයි. අතීතයේ සිට කිසිදා 100 % ක් රටතුළ ඖෂධ තිබී නැහැ. ඖෂධ වර්ග 15 ක 25 ක අතර ප්‍රමාණයක් සෑම විටිම අඩුව තිබෙනවා. විශේෂයෙන් අපට මේ ප්‍රශ්නය ඇති වුයේ විදේශ විනිමය හිඟකම නිසායි. ඒ සදහා තමයි රජය මේ වෙනුවෙන් ක්‍රෙඩිට් ලයින් ක්‍රමය හදුන්වා දුන්නේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් , ආසියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 66.6 ක්, ලෝක බැංකු ආධාර යටතේ ඩොලර් මිලියන 22 ක් මෙන්ම ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් 100 ක් වශයෙන් ඖෂධ සදහා ණය ආධාර ලැබී තිබෙනවා. එහෙත් ලෝක බැංකුව හැරුණු විට අනෙක් ආයතනයන්හි යම් යම් කොන්දේසි තුළ ඖෂධ ලබා ගැනීමේ යම් ප්‍රමාදයක් ඇතිව තිබෙනවා. එහෙත් මේ වන විට අවශ්‍ය ඖෂධ  ඇණවුම් කර පැවතීම තුළ සාමාන්‍ය තත්වයට පවත්වාගෙන යා හැක.

රටට අවශ්‍ය ඖෂධ වලින් 80 % ක් ආනයනය කෙරේ. රට තුළ නිෂ්පාදනය කරනුයේ 20 % ක්  පමණ ප්‍රමාණයකි. ආනයනික ඖෂධ සදහා ඇණවුම් ලබා දීමේදී ඒවා මෙරටට ගෙන්වා ගැනීම සදහා යම් කාලයක් ගතවන අතර ඇතැම් ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා විශාල කාල පරාසයක් ගත වේ.

සාමාන්‍යයෙන් ඖෂධ ඇණවුම් කිරීමේදී අවම වශයෙන් මාස 02 ක පමණ කාලයක් ගත වුවත් එන්නත් වැනි ඖෂධ සදහා මාස 06 ක පමණ කාලයක් ගතවේ. ඇතැම් ඖෂධ සඳහා සැපයුම්කරුවන් සොයා ගැනීම අපහසු වු විට ඒ සදහා යම් ප්‍රමාදයක් සිදුවේ.

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයට ඖෂධ ගෙන්වීම සදහා වාර්ෂිකව ඩොලර් මිලියන 750 ක පමණ මුදලක්  වැය වන අතර ඉදිරියේ දී දේශීය ඖෂධ නිෂ්පාදනය 60 % ක් පමණ දක්වා ඉහළ නැංවීම තුළ ඒ වෙනුවෙන් අපට විසදුම් ලබා ගත හැක.

Previous articleඅය වැය ඡන්දය අදයි – පක්ෂ විපක්ෂ කියන කතා
Next articleයළි ඇරඹෙන යාපනය – චෙන්නායි ගුවන් ගමන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here