Home අද “කල වැද්දෝ ඇහෙනවද මම කියන එක” – විමලවීර සහ ෆොන්සේකා අලි අගලක...

“කල වැද්දෝ ඇහෙනවද මම කියන එක” – විමලවීර සහ ෆොන්සේකා අලි අගලක වැටෙයි

526
0

හිටපු වනජීවී අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අතර අද (02) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවුණා.

ඒ, පරිසර, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ සහ සංචාරක හා ඉඩම් යන අමාත්‍යාංශවලට අදාළ අයවැය කාරක සභාව අවස්ථාවේ වැය ශීර්ෂ විවාදයේදියි.

වන අලි ගැටළුවට විසඳුමක් ලෙස අගල් කැපීමට විමලවීර මන්ත්‍රීවරයා ගත් තීරණය වැලි ජාවාරමට රුකුලක් වූ බවට ෆොන්සේකා මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමඟ විවාදය උණුසුම් මුහුණුවරක් ගත් අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මෙන්ම කථානායකවරයා ද මැදිහත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ නිත්‍යානුකුල නොමැති ආකාරයෙන් කිලෝමීටර් 55ක් කපා ඇති බවත් නිත්යනුකුලවා කපා ඇත්තේ කිලෝමීටර් 5ක් පමණක් බවයි.

එයට පිළිතුරු ලබාදෙමින් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සඳහන් කළේ රජයේ වියදමක් නොමැතිව ජනතාව සමග එකතුව එම ව්‍යාපෘතිය කළ බවත් මේ වනවිට අගල් කපා ඇති ප්‍රදේශ වල වන අලි ගැටලුව නොමැති බවයි

Previous articleCHINA GO HOME කියන්න මම නායකත්වය දෙනවා – රාසමානික්කම්
Next articleපරිසර ඇමතිකම මොන්ටිසෝරි දරුවෙකුට දෙයිද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here