Home අද අලියත් එක්ක ගමනක් යන්න ඉල්ලීම් 1000කටත් වැඩියෙන්

අලියත් එක්ක ගමනක් යන්න ඉල්ලීම් 1000කටත් වැඩියෙන්

669
0

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරික්ෂණ සඳහා අයදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව එම පක්ෂය පවසනවා.

එක්සත් ජාතික පක්ෂය පැවසුවේ ඒ අනුව ඊට අදාළ සම්මුඛ පරික්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර සම්මුඛ පරීක්ෂණ මණ්ඩල කිහිපයක් ඔස්සේ අදාළ තෝරාගැනිම් සිදුකිරීමට නියමිත බවය.

පක්ෂයේ හිටපු ඇතැම් ආසන සංවිධායකවරුන් පක්ෂය හැරයාම ඇතුළු විවිධ කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් 2023 වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත්කිරීම සඳහා මෙම අයදුම්පත් කැඳවීම සිදුකර තිබේ.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මගින් තෝරා ගන්නා නව ආසන සංවිධායකවරුන් ජනවාරි 01 සිට වසරක කාලයක් සඳහා එම ධුර වලට කටයුතු කිරීමට නියමිතය.

මේ අතර එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ මැතිවරණ සදහා පක්ෂය සූදානම් කිරිමේ වැඩපිළිවෙල තුළදි පක්ෂය හැර ගිය පිරිස් සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවය.

Previous article“යාලුකම තියෙනවා – මම ඇමතිට ගරු කරන්නේ නෑ”
Next articleපාර්ලිමේන්තුවෙන් වාර්තාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here