Home අද මහ කන්නයේ වී වගාවට පොහොර නැව් ලංකාවට

මහ කන්නයේ වී වගාවට පොහොර නැව් ලංකාවට

582
0

මෙවර මහ කන්නයට වී වගාව සඳහා අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන Muriate of Potash (MOP) හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද රාත්‍රී (03) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

එම බණ්ඩි පොහොර තොගය ගොඩ බෑම හෙට දින (03) හවස් වරුවේ සිට සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කළ විමසීමක දී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

මෙම බණ්ඩි පොහොර තොගය නිලවශයෙන් බාර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගිත්වයෙන් 2022. 12. 05 දින පස්වරු 02.00ට කොළඹ වරායේ දී සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම එක්සත් ජාතින්ගේ ආහාර හා කාෂිකර්ම සංවිධානය විසින් මෙරට දිස්ත්‍රික්ක 08 අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දීමට නියමිත යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9000ක ප්‍රමාණයක් රැගත් නෞකාව අද දින (02) උදේ කොළඹ වරායට සේන්දු විය. මේ වනවිට එම පොහොර ගොඩ බෑම ආරම්භ කර තිබේ.

මෙම යුරියා පොහොර ‌ තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම 2022.12. 05 දින පෙරවරු 09.00ට කොළඹ වරායේ දී සිදු කෙරේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට එම පොහොර තොගය බාර දීම සිදු කිරීමේ අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත Hannah Singer මහත්මිය හා එක්සත් ජාතින්ගේ ආහාර හා කාෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්ම මහත්මීහුගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ

Previous articleවිපක්ෂයේ හැසිරීම අශෝබනයි – කතානායක
Next articleඅලිවැට හදන්න හමුදාවට දෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here