Home අද අලිවැට හදන්න හමුදාවට දෙන්න

අලිවැට හදන්න හමුදාවට දෙන්න

748
0

මේවනවිට දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන අලි මිනිස් ගැටුම විසඳීමට අලි වැට  සකස් කිරීමේ කටයුත්ත යුද හමුදාවට භාරදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(02දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශාල හමුදාවක් රටතුළ සිටින බැවින් වසරක් දෙකක් ඇතුළත හමුදාවට එම කාර්ය සිදුකළ හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. අලි ගම්වැදීම වැළැක්වීමට පසුගිය රජයේ  වනජීවී අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමලවීර මහතා සිදුකළ ව්‍යාපෘතිය නිශ්පල එකක් බවද මන්ත්‍රීවරයා පැවසු අතර එහිදී මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇතිවු සංවාදය හේතුවෙන් සභාව උණුසුම්විය.

“ දැන් තියෙන ලොකුම ප්‍රශ්නය අලි ප්‍රශ්නය. ඒක විසදන්න අලිවැට යුද හමුදාවට භාරදෙන්න . අවශ්‍ය සම්පත් සියල්ල තියෙනවා. අවුරුද්දක් දෙකක් ඇතුළත එයාලට මේක කරන්න පුළුවන්.ලක්ෂගණන් ජනතාවට මේ ප්‍රශ්නය නිසා දුක් විදිනවා. ඉතින් මුදල් ඉතිරි කරගෙන මේ වැඩකරන්න හමුදාව එක්ක පුළුවන්. ඒවගේම අලි වැට නඩත්තුවට සිවිල් ආරක්ෂක බටයෝ පාවිචිච් කරන්න” යැයි පැවසීය.

Previous articleමහ කන්නයේ වී වගාවට පොහොර නැව් ලංකාවට
Next articleCHINA GO HOME කියන්න මම නායකත්වය දෙනවා – රාසමානික්කම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here