Home අද ගුරුවරුන්  විෂය අනුව ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක්

ගුරුවරුන්  විෂය අනුව ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක්

712
0

පොදුවේ රාජ්‍ය  සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඩිජිටල් අධ්‍යාපන සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ     අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස්   දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්  ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවය. තාක්ෂණය හඳුන්වා දී බොහෝ කලක් ගත වී තිබුණ ද එය නිසි ලෙස භාවිත වී නොමැති බවත් හතර වෙනි කාර්මික විප්ලවය අභියස තාක්ෂණික වශයෙන් අප බොහෝ පසුපසින් සිටින බවත් ඉදිරියේ දී ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් ඉලක්ක කරගනිමින් ම       අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා සඳහන් කළේ ය. සියලු ආධ්‍යාපනික    පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්‍රමවේදය මත නිසා වහා ම විප්ලවීය තාක්ෂණික පරිපාලන වෙනසකට යා යුතු බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

Previous articleඅර්බුදය උඩු දුවන්න දුන්නේ බැසිල්ට ජනාධිපති වෙන්න – ගම්මන්පිල
Next articleසියලුම මන්ත්‍රීවරියන් තැඹිලි පැහැයෙන් සැරසෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here