Home අද බැසිල් සල්ලි ගෙව්වා – සාගර කියයි

බැසිල් සල්ලි ගෙව්වා – සාගර කියයි

770
0

ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිඳ එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ගෙවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

බැසිල් රාජපක්ෂ පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුගිය 20 වෙනිදා අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ බවත් ඒ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බවත් ඔහු සඳහන් කරනවා.

තේ පැන් සංග්‍රහය සඳහා ද මුදල් ගෙවා ඇති බවත් එම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ලබාගෙන ඇති බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් මහලේකම්වරයා සඳහන් කර තිබෙනවා

Previous articleඋතුරු දුම්රිය මාර්ගය මාස 05 ක් වසා දමයි
Next articleසජිත් ඊලඟට ගුටිකන හැටි ඩයනා කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here