Home අද ජොන්ස්ටන්ගේ නඩුවක් දෙසැම්බර් 09 කැඳවන්නැයි නියෝග

ජොන්ස්ටන්ගේ නඩුවක් දෙසැම්බර් 09 කැඳවන්නැයි නියෝග

615
0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියම කර තිබෙනවා.

මෙම නඩුව අද (25) කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

2012 වසරවලදී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙක් වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.

Previous articleශ්‍රී ලංකාවේ ධීවරයන්ට බ්‍රිතාන්‍යය පවුම් 880,000 දෙයි
Next articleහම්බන්තොට වරායටත් ලබන වසරේ සිට බදු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here