Home අද 2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කටාරයේ පරාජය ඉතිහාසගත වෙයි

2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කටාරයේ පරාජය ඉතිහාසගත වෙයි

1385
0

ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්විය.

මෙම තරගය ඊයේ (20) රාත්‍රී කටාරයේ අල්-බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විනි. මෙහිදී ඉක්වදෝරය ලබාගත් ගෝල දෙකේම හිමිකරුවා වූයේ ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියාය.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියක ආරම්භක තරගයෙන් සත්කාරක කණ්ඩායම පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාස ගතවිය.

තරගය ආරම්භයෙන් මිනිත්තු 3 ක් ගතවද්දීම ඉක්වදෝර ක්‍රීඩක එනර් වලෙන්සීයා ගෝලයක් වාර්තා කළද වීඩියෝ පුනරූපන ( VAR) මගින් එය නිවැරදිව ලබා නොගත් ගෝලයක් බව විනිසුරුවන් තහවුරු කලේය.

නමුත් මිනිත්තු 16 ක් සම්පූර්ණ වද්දීම ඉක්වදෝරයට ලැබුනු දඩුවම් පහර ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියා සමත්වූයේ පළමු ගෝලය කණ්ඩායමට ලබා දෙමිනි.

තවත් මිනිත්තු 15 ක් ගතවද්දී හිසෙන් එල්ල කළ පහරක් දක්ෂ ලෙස ගෝලයක් බවට පරිවර්තනය කිරීමට එනර් වලෙන්සියා සමත්වූයේ දෙවැනි ගෝලයද ඉක්වදෝරයට ලබා දෙමිනි. ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ ගෝල 2-0 ක් ලෙස ඉක්වදෝරය ඉදිරියෙන් සිටිමිනි.

දෙවැනි අර්ධයේදීද ඉක්වදෝර් කණ්ඩායමට ගෝල ලබාගැනීමට තිබූ අවස්ථා කිහිපයක් මග හැරිණි. ඒ අනුව තරගය නිමා වූයේ ගෝල 2-0 ක් ලෙසින් ඉක්වදෝරයට ජය හිමි කරදෙමිනි. මෙම තරගය නැරඹීමට හැටදහසක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අල් බයිට් ක්‍රීඩාංගණයට පැමිනි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Previous article‘බැසිල්ව පිළිගන්න ගිය පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රාව තනතුරෙන් අයින් කරන්න’ – නලීන් බණ්ඩාර
Next articleධීවරයන් වෙනුවෙන් විනාඩි 03 ක උපවාසයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here