Home අද බෝනස් දුන්නේ නැත්නම් දෂ්ඨ කරනවා : විදුලි රංජන්ගෙන් අනුරට තගක් !

බෝනස් දුන්නේ නැත්නම් දෂ්ඨ කරනවා : විදුලි රංජන්ගෙන් අනුරට තගක් !

118
0

විදුලි බල මණ්ඩලය තුළ වත්මන් ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතිය වශයෙන් තමන් සේවක අයිතීන් ඉල්ලා පාරට නොබසින බවත්, අවශ්‍යතාව මතක් කළ විට එය සපුරාලීම වගකිවයුත්තන්ගේ කාර්‍යය බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් අවධාරණය කළේය.

කෙසේ වුවත් නොවැම්බර් 14 වනදායින් පසුව තමන් පෙනය පුප්පන්න පටන් ගෙන ඇති අතර දෂ්ඨ කිරීමට අවශ්‍ය තැන් වලට දෂ්ඨ කිරීමට ද කටයුතු කරන බවත් ඔහු පැවසීය.

” මේ අපි හදපු ආණ්ඩුව, එහෙනම් අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයන්..” කියාද රංජන් ජයලාල් අවධාරණය කර සිටියේය.

අද (25) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටි අතර , තමන් විදුලි සේවකයන්ට හිමි බෝනස් දීමනාව ඉල්ලා විදුලි බල මණ්ඩලය වෙත යොමුකළ ලිපිය ඇතැම් පාර්ශ්ව වරදක් ලෙස හුවා දක්වා ඇති නමුත්, වත්මන් ආණ්ඩුව හදන්න කැපවූවන් ලෙස තමන් සිදුකළේ ලංවීම සේවකයන්ගේ අයිතිවාසිකම පිළිබදව සිහිකැඳවීමක් පමණක් බවද පැවසීය.

පසුගිය කාලයේදී විදුලිබල මණ්ඩලය ලාභ ලැබූවත් සේවක බෝනස් දීමනා ගෙවීමට පාලකයන් කටයුතු නොකළ බවත් රංජන් ජයලාල් පෙන්වා දුන්නේය. පසුගිය සැප්තැම්බර් 21 වනදා තමන් ඉලක්කය සපුරාගත් බැවින් තවදුරටත් පාරට බැස ඉල්ලීම් සිදුකිරීමට දෙයක් නොමැති බවත් ඔහු පැවසීය.

රංජන් ජයලාල් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල වෘත්තීය සමිති නායකයකුද වෙයි. එසේම පසුගිය මහ මැතිවරණයට අදාලව ඔහු ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ලැයිස්තුවද නියෝජනය කළේය.

එම මැතිවරණයේදී ජාතික ජනබලවේගය පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18ක් ලැබුණමුත්, ඒ තුළ රංජන් ජයලාල් නම් කෙරුණේ නැත. ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රංජන් ජයලාල් හැර අනෙක් ජවිපෙ සියලු වෘත්තිය සමිති නායකයන් මෙවර මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය වෙනුවෙන් එහි ලේකම් , රංජන් ජයලාල් පසුගියදා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල් ලා තිබිණ.

එහිදී වැඩි දුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් හිටපු පාලනාධිකාරිය සේවකයන්ට වසර දෙකක සිට ප්‍රසාද දීමනාව ලබාදීමට කටයුුතු නොකළ බවය.

කෙසේ වුවත් ජාතික ජනබලවේගය (NPP ) ප්‍රබලයකු වන ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්‍ය තිලක් සියඹලාපිටිය එහි වෘත්තීය සමිති නායක රංජන් ජයලාල් ගේ දැනුම්දීම අනුව නොවැම්බර් 10 ට පෙර ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජවිපෙ වෘත්තීය සමිති නායකයාගේ උදහසට පාත්‍රව ඇති බවත් වාර්තා වෙයි.

 

Previous articleඉම්රාන් ට නිදහස ඉල්ලා දහස් ගණන් පාරට – 4000 ක් අත්අඩංගුවට
Next articleජාතික ලැයිස්තුවෙන් මට සහනයක් දෙන්න – පැරදුන ඉඳුනිල් ලිඛිතවම මන්ත්‍රීකමක් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here